සේනා සේනාවෙන් ගොවියන්ට යළි ආක්‍රමණ !

Published in පුවත්
Sunday, 12 November 2023 13:01

සේනා දළඹු වසංගතය හේතුවෙන් අනුරාධපුර, මහකනදරාව ගොවි ව්‍යාපාරයේ අක්කර දහසකට වැඩි බඩ ඉරිඟු වගාව දැඩි අවදානමකට පත් ව ඇති බව වාර්තා වේ. 


බඩ ඉරිඟු ගොවියන් පවසන්නේ වසර කිහිපයක සිට මෙම  බඩ ඉරිඟු වගාවට සේනා දළඹු හානිය ඇති වූ බවත් මේ පිළිබඳ අවස්ථා කිහිපයක දී අදාළ බලධාරින් දැනුම්වත් කළද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු වගකිව යුතු කිසිදු ආයතනයක් ඊට පිළියම් ලබානොදුන් බවය. එමෙන්ම බඩ ඉරිඟු කරල හටගන්නා අවස්ථාවේ දී මීට පෙර සේනා දළඹු හානිය ඇති වුව ද මෙවර කන්නයේ දී බඩ ඉරිඟු වගාව ආරම්භ කර දින දොළහක් පමණ වනවිට මෙම සේනා දළඹු හානිය පැමිණ ඇති බවය.

ගොවියන් වැඩිදුරටත් පවසා සිටියේ තමන්ගේ කන-කර උකස් කර මුදල් යොදවා වන සතුන් ගෙන්ද ආරක්ෂා කර ගනිමින් ආරම්භ කළ බඩ ඉරිඟු වගාව මේ වනවිට සේනා දළඹු හානියට ගොදුරු වීම හේතුවෙන් සාර්ථක අස්වැන්නක් බලාපොරොත්තු වීමට නොහැකි බවය.

විශ්ෂයෙන් මීට පෙර අවස්ථාවලදී සේනා දළඹු හානිය අවම කිරීමට මෙන්ම එම දළඹුවා මර්දනය කිරිමට අදාල යෝජනා සමස්ත ලංකා ගොවිජන සම්මේලනය මෙන්ම පරිසර වේදීන්ද ඇතුළු පාර්ශ්ව ගණනාවකින් ඉදිරිපත් කල නමුත් වගා ඊට කන් නොදුන් බලධාරීන් හානි සිදුවුවහොත් වන්දි ගෙවන බව පවා සිටියද එම ලබාදියයුතු වන්දි මුදල් පවා තවමත් බොහෝ පිරිසකට ලැබී නැත.

එවන් පසුබිමක මෙවරද වගා හානි සිදුවුවහොත් තමන්ට බරපතල පීඩාවකට මුහුණදීමට සිදුවන බව ගොවි ජනතාව අවධාරණය කරති.

RS

Last modified on Sunday, 12 November 2023 13:09

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us