ගැසට්‌ කර ඇති විසිවැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය හරහා බහු පක්‍ෂ දේශපාලන ක්‍රමයක්‌ වෙනුවට ද්විපක්‍ෂ දේශපාලන ක්‍රමයකට ඉඩ හැදෙනවා නම් සුළු පක්‍ෂ සමඟ එක්‌ව එජාපය ද පාර්ලිමේන්තුවේදී එය පරාජයට පත්කිරීමට කටයුතු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (21 දා) කීවේය.

රටක සිටිය යුත්තේ එක් නායකයකු මිස දෙදෙනකු නොවන බව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කළමනාකරණය කිරීමට වෙනත් කිසිවකුට ඉඩ ‍ලබා නොදෙන බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ තිබෙන ගැටලුකාරී තත්ත්වයන් විසදාගැනීමට නොහැකි නම් පාර්ලිමේන්තුව විසුරුවා හැර, මහ මැතිවරණයක් පවත්වන ලෙස, කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නායක හිමියෝ පැවසූහ.

දක්ෂ රගර් ක්‍රීඩකයකු වූ තාජුඩීන් අබිරහස්‌ අන්දමින් ඝාතනය කිරීම සහ මාධ්‍යවේදී ප්‍රදීප් එක්‌නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධීන්වලට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් මේ වනවිට හඳුනාගෙන ඇත.

මහ මැතිවරණ ජයගෙන නැවත වතාවක් හැත්තෑ හතේ යුගයේදී එක්සත් ජාතික පක්ෂය බිහිකළ මහවැලි යුගය, ගම්උදා යුගය වැනි මහා පරිමාන සංවර්ධන ව්‍යාපෘති මෙරට ඇතිකරන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.මහනුවර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

සුළු පක්ෂ සහ අගමැති අතර හමුවක් අද(21) පැවැත්වේ.

ශ්‍රී ලංකාවේ වත්මන් රජය ක්‍රියාවට නංවා ඇති අභියෝගාත්මක හා ප්‍රතිඵලදායී ක්‍රියාවලිය හරහා ශ්‍රී ලංකාව ලෝකයේ දියුණු රාජ්‍යයක් බවට පත්කිරීමේ හැකියාව පවතින බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.ජපානයේ නිල සංචාරයක නිරතව සිටින විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවිර මහතා එරට පැවති සමුළුවක් අමතමින් මෙම අදහස් ප්‍රකාශ කර ඇත.

විදුලි සංදේශ සම්ප්‍රේෂණ කටයුතුවලට ශ්‍රී ලංකාවේ ඉදිකෙරෙන නෙළුම් කුලුන ව්‍යාපෘතියට සවිකිරීම සඳහා රුපියල් මිලියන 650ක් වටිනා විදුලි සෝපාන සහ විදුලි පියගැටපෙළවල් සැපයුම්කරුවන් තෝරාගැනීමේ දී අනුගමනය කර ඇති ක්‍රියාපටිපාටිය දෝෂ සහිත බව, එම කටයුතු සොයා බැලීමට පත්කළ ත්‍රි පුද්ගල විමර්ශන කමිටුව අනාවරණය කරගෙන තිබේ.

worky

worky1

ld add copy

Connet With Us