එළැඹෙන උත්සව සමයේ අවශ්‍ය සහල් සැපයීම සඳහා සහල් තොගයක් ආනයනය කිරීමට වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන, ඇතුළු නියෝජිතයින් 80 දෙනෙකුගෙන් සමන්විත ඉහළ පෙළේ නියෝජිත පිරිසක් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතර දෙනෙකු ද ලබන සතියේ එක්සත් ජාතීන්ගේ පාර්ශ්වකරුවන්ගේ සමුළුව (COP28) සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, ඩුබායි නුවර වෙත යෑමට නියමිත බව වාර්ථා වේ.

හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ හිටපු ජනපති බිරිඳහේමා ප්‍රේමදාස යන අය වෙනුවෙන් රජය වැය කරන් මුදල් ප්‍රමාණය අණාවරණය වී ඇත. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබාගත් PS/RTI/01/2023/205 යන නිල ලේඛනය එය හෙළි කරයි.

විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ දී තමන්ට හිමි කාලය නිකරුණේ විනාශ කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ C.D වික්‍රමරත්න මහතාට ලබා දී තිබූ හතරවන සේවා දිගුව ඊයේ(24) දිනයෙන් අවසන් විය.

වව්නියාව දිස්ත්‍රික්කයේ ගොවීන් සඳහා ටොම් ඊ.ජේ.සී අඹ පැළ 84,000ක් ලබා දීමේ ව්‍යාපෘතියක් මේ වන විට එම දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

වසර 06ක් රඳවා සිටි අප්‍රිකානු ජාතිකයන් 30 දෙනෙකු නිදහස් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් නියෝග කර තිබේ.

එළැඹෙන ජනවාරී මාසයේ සිට රාජ්‍ය සේවකයන්ට රු 5000 බැගින් දීමනාවක් ගෙවීමට හැකි බවට මුදල් අමත්‍යංශයේ පැවැති සාකච්ඡාවක්දී හෙළි වී ඇති බව අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.

ld add copy

Latest News

ආහාරයට ගන්නා තෙල් වර්ග වලට නැවතත් නීති

ආහාරයට ගන්නා තෙල් වර්ග වලට නැවතත් නීති

පොල්තෙල් පමණක් නොව ආහාරයට ගන්නා සෙසු තෙල් වර්ගද ඇසුරුම්කර විකිණීමට තිබෙන හැකියාව කෙරෙහි අවධානය යොමුක...

Connet With Us