ජනතාවට ලබා දෙන කොවිඩ් එන්තත් මාත්‍රා දෙක එකිනෙකට වෙනස් එන්නත් වර්ගවලින් ලබා දිය හැකි ද යන්න සම්බන්ධයෙන් මේ වන විට අධ්‍යයනයන් සිදුවෙමින් තිබේ. මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් කළ අධ්‍යයනයක මූලික වාර්තාවක් පසුගිය දා නිකුත් කර තිබිණි.

පාස්කු ප්‍රහාරය එල්ල කළ සහරාන් හෂීම්ගේ අනුදැනුම මත අන්තවාදයට අදාළ පන්ති සංවිධාන කිරීමේ චෝදනාවට මූතූර් හි ඉක්බාල් පාර ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේනවා.

කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ විවාදය මැයි 19 සහ 20 දිනවල පැවැත්වීමට තීරණය කර තිබේනවා.

ලියාපදිංචි පෙර පාසල් ගුරුවරුන්ට නිශ්චිත මාසික දීමනාවක් ගෙවීමට අනුමැතිය හිමිවී තිබේනවා.

ස්වසන අපහසුතා ඇති රෝගීන්ගේ ස්වසන පහසුව සඳහා භාවිතා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිෂ්පාදනය කළ තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකය (HEATED HUMIDIFIED OXYGEN THERAPY) ඊයේ (12) ජනාධිපති කාර්යාලයේ දී නිල වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාර දුන්නේය.

බස්නාහිර පළාත තුළ පදිංචි වයස අවුරුදු 30-60ත් අතර වන කලාකරුවන් සඳහා සිනෝෆාම් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීම අද දින (13) සිදු කල බව වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන සදහන් කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය විසින් මෙය සිදුකර ඇත.

ඒ අනුව පෙ.ව.10.00ට කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දී එන්නත් දීම සිදු කර ඇති බවයි අමාත්‍යවරයා සදහන් කරන්නේ.

-පංචාලි අබේසේකර

ඉදිරි දින කිහිපයේ දී දැනට වාර්තා වන දෛනික කොවිඩ් ආසාදිතයින් ප්‍රමාණය වැඩි විය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබෙනවා.

පළාත් අතර ධාවනය වන විශේෂ දුම්රිය පහක ගමන්වාර දහයක් අද (13 වැනිදා) සිට ලබන 30 වැනිදා තෙක් ධාවනයට එක්කර තිබෙන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී ගමනාගමන අධිකාරී ගාමිණී සෙනෙවිරත්න සදහන් කර තිබෙනවා.

ld add copy

Latest News

Connet With Us