සංවිධානාත්මක අපරාධ කල්ලි නායක සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීව නැමැත්තා අධිකරණය තුළදී ඝාතනය කිරීමට අදාළ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නේපාලයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල දෙහි කිලෝවක සිල්ලර මිල රුපියල් 3,000 ක් දක්වා ඉහළ යාම නිසා ඇතැම් වෙළෙඳසල්වල දෙහි බෑයක් රුපියල් 50 ක් වැනි මිලකට අලෙවි කරන බව වෙළෙඳපොළ තොරතුරු සඳහන් කරයි.

ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම විදේශිකයින් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර විද්‍යුත් සංචාරක අවසර පත්‍රයක් (ETA)ලබාගැනීම අනිවාර්ය කර තිබේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

මැද පෙරදිගට නව ආරම්භයක් සනිටුහන් කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

මහජනතාවගේ ආරක්ෂාව සහ රටේ ආරක්ෂාව වෙනුවෙන් පනවා ඇති නීති රීති වර්තමාන ආණ්ඩුව උල්ලංඝනය කරමින් තිබෙන බවත් එම නීතීරීතී උල්ලංඝනය කිරීමෙන් ආණ්ඩු විනාශය විය හැකි බවත් එවැනි අවස්ථාවක රට බාර ගැනීමට එක්සත් ජාතික පක්ෂය සූදානමින් සිටිනවා යනුවෙන් එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඊයේ (12) බලපිටිය පැවැති එක්සත් ජාතික පක්ෂ කොට්ඨාශ රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය අමතා කළ ප්‍රකාශය කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපයේ 78වන සමුළුව අද (13) සිට 15 වැනිදා දක්වා කොළඹ දී පැවැත්වේ.

Page 8 of 1807

ld add copy

Connet With Us