කෙරවලපිටිය යුගදනවි බලාගාරයෙ කොටස් විකිණීමට අදාළව ඇමරිකාවේ නිව් ෆොට්‍රස් එනර්ජි සමාගම සමග අස්සන් කරන ලද ගිවිසුම අමාත්‍ය මණ්ඩලයට අද ඉදිරිපත් කෙරෙනු ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

රට නැවත වසා දැමීමේ සුදානමක් තවම නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග පවසයි. ඔහු අවධාරණය කරන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව රජය ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

තාවකාලිකව වසා දැමූ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු හෙට (7) නැවත ආරම්භ කරන බව බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා පවසයි.

ධීවර රාජ්‍ය ඇමති කාංචන විජේසේකර මහතාගේ පියා වූ හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර එල්ටීටීඊ බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් ඔහුට අපහාසාත්මක වන ලෙස ගාල්ල දිස්ත්‍රික්ක සමගි ජන බලවේග මන්ත්‍රී මනූෂ නානායක්කාර අද පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කිරීම නිසා සභාව තරමක් උණුසුම් වී තිබෙනවා.

කර්මාන්ත අමාත්‍යාංශය විසින් හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ ස්ථාපනය කරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘Smart One Stop Shop’ කාර්යාල පරිශ්‍රය ඊයේ (03දා) අමාත්‍ය විමල් වීරවංශ මහතා අතින් විවෘත කෙරිණි.

කොළඹ පෝර්ට් සිටියේ ඉදිකර තිබෙන Port City Colombo Marina වෙත යාත්‍රා කළ පළමු සුඛෝපභෝගී සුපිරි යාත්‍රාව ලෙස MY Kalizma යාත්‍රාව පසුගිය ඉරිදා එහි නැංගුරම් ලෑම සිදු විය.

ආනයනික බීජ අලෙවි කරන වෙළෙදුන් ඇතැම් බීජ ග්‍රෑම් 50 රුපියල් 5000ට 6000ට අලෙවිකර ගොවීයන් සූරාකන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසා සිටි.

මේ වසරේ ඔක්තෝබර් 31 දා වන විට මෙරට මත්ස්‍ය අපනයන ක්ෂේත්‍රයෙන් රුපියල් කෝටි 4,873ක ආදායමක් (අමෙරිකානු ඩොලර් මිලියන 245) උපයාගෙන ඇත.

ld add copy

Connet With Us