ජන ජීවිතයට බාධා නොවන අයුරින් විදුලි අර්බුදයට විසඳුම් සොයන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රධානීන්ට ඊයේ (10) උපදෙස් දී ඇත.

ශ්‍රීලංකන් ගුවන් සේවය 2021 දෙසැම්බර් මාසය සඳහා ඩොලර් මිලියන 9.25 ක සමාගම් ලාභයක් සහ ඩොලර් මිලියන 10.66 ක සමූහ ලාභයක් වාර්තා කර ඇතැයි පවසයි. එය 2020 මුල් භාගයේ වසංගතය ආරම්භයේ සිට ගුවන් සමාගමට ලාභ හිමිවූ පළමු මාසය වීම විශේෂත්වයකි.

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් ඉදිරිපත් කර තිබෙන ප්‍රතිශෝධන පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙනවාද ? නැද්ද ? යන නියෝගය ලබන 24 වනදා ප්‍රකාශයට පත්කරන බවට අභියාචනාධිකරණය නියම කළේය.

ශ්‍රී ලංකාව ස්වෛරීත්ව බැඳුම්කර ගෙවීම පැහැර නොහරින බවත් ඒ අනුව කිසිදු ආකාරයකින් ණය ගෙවීම පැහැර හැරීමේ ඉල්ලීමක් කිරීම (default), හෝ වෙනත් අවුල් සහගත යමක් සිදු නොවනු ඇති බවත් මහ බැංකු අධිපති නිවාඩ් කබ්රාල් පවසයි. එසෙිම අපට default සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය නැති බවත් ඔහු අවධාරණය කරයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී තනිව තරග කිරීමට තම පක්ෂය තීරණය කර ඇති බව සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ඊයේ ප්‍රකාශ කළේය.

ඉතිහාසයේ පළමු වරට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව කෝටි 75ක් මහා භාණ්ඩාගාරයට උපයා දී තිබෙනවා.

අපනයන ආදායම් රට වෙත යළි ගෙන්වා ගැනීම හා එම මුදල් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෑතකදී නිකුත් කරන ලද නීති ඇතැම් පාර්ශ්වයන් විසින් වැරදි ලෙස අර්ථකථනය කිරීම සම්බන්ධයෙන් මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ ආරම්භ කළ කොවිඩ් මර්දන එන්නත් වැඩසටහනට මෙම මස 29 වැනිදාට වසරක් සපිරෙනවා .එමෙන්ම මෙරට එන්නත් ලැබිය යුතු පිරිසෙන් සියයට 90% කට ආසන්න පිරිසකට මේ වන විටත් එන්නත් ලබාදී අවසන්ය..

ld add copy

Connet With Us