මේ දිනවල මාදු ගගේ කකුළුවන් කිලෝග්රෑම් එකක් රුපියල් දොළොස් දහසකට අලෙවි වන බව මාදු ගගේ ධීවරයෝ  පවසයි.

හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතා මේ දිනවල උණ, වමනය හා පාචනය රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන බව ඔහුගේ නීතිඥවරුන් අද (01) කොළඹ මහාධිකරණයට දැනුම්දී තිබේ.

කළුතර නගරයේ අනවසර කඩ ඉවත් කිරීම ඊයේ(29) රාත්‍රී සිට අද(01) අලුයම දක්වා සිදු කළේය.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද (01) දිනයේ වැසි ස්වල්පයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පාසල් සිසුන්ගේ පාසල් බෑග්වල බර අඩු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තීරණය කර තිබේ.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල ඇතුළු ගාල්ල දිස්ත්‍රි­ක්කයේ දිසා රෝහල් සහ සෞඛ්‍ය සේවා කාර්යාලවල උපකරණ සහ අලුත්වැඩියාවන් සඳහා රුපි­යල් කෝටි පන්සීයක් (500) ක් මේවන විට ලබා දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ ඊයේ (28) පැවති ගාල්ල දිස්ත්‍රික්කයේ විශේෂ සම්බන්ධිකරණ කමිටුවේදී අනාවරණය කරනු ලැබීය.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මීට සුළු වේලාවකට පෙර මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබේ.

බැසිල් රාජපක්ෂ ඉක්මනින් ලංකාවට එන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග  පැවසීය.

ld add copy

Connet With Us