ඉන්දියාව ලොකු ළූණූ අපනයන තහනම දිගු කරයි .

Published in පුවත්
Sunday, 24 March 2024 11:06

ලොකු ලූනු අපනයනය කිරීම සඳහා ඉන්දියාව විසින් පනවා ඇති තහනම නැවත දැනුම් දෙන තුරු දීර්ඝ කිරීමට එරට රජය තීරණය කර තිබේ.

මිල ඉහළ යාම පාලනය කිරීමට සහ දේශීය වෙළෙඳපොළ තුළ ලොකු ලූනු තොග පවත්වාගෙන යාමේ අරමුණින් එම තීරණය ගෙන ඇති බව ඉන්දීය රජය ප්‍රකාශ කර ඇත.

පසුගිය දෙසැම්බර් මාසයේ ඉන්දීය රජය විසින් ලොකු ලූනු අපනයනය තහනම් කළ අතර එය ලබන 31 වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණි.

ලොකු ලූනු අපනයනය තහනම් කිරීමත් සමග ඉන්දීය වෙළෙඳපොළ තුළ ලොකු ලූනු මිල සීඝ්‍ර ලෙස පහත වැටුණු අතර ඉදිරි මැතිවරණය ඉලක්ක කරමින් මිල ඉහළ යාම පාලනය කිරීමේ අරමුණින් අපනයනය තවදුරටත් තහනම් කිරීමට ඉන්දීය රජය පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

ඉන්දියාව ලෝකයේ වැඩිම ලොකු ලූනු අපනයනය කරන රට ය.

ඉන්දියාව විසින් පැනවූ මෙම තහනම හේතුවෙන් බොහෝ රටවල ලොකු ලූනු මිල මේ වනවිට ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකාවේ ද ලොකු ලූනු මිල සීඝ්‍ර ලෙස ඉහළ යාමට ඉන්දියාව විසින් පනවා ඇති එම තහනම ප්‍රධානතම හේතුව වී ඇති බව වාර්තා වෙයි.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us