වැඩේ හරියට කරන්න බැරි නම් නිල ඇදුම ගලවා යන්න- ඇමති ටිරන්ගේන් සැර කතාවක්

Published in පුවත්
Sunday, 24 March 2024 11:14

ඇතැම් ප්‍රදේශවල සිවිල් ආරක්ෂක කමිටු පිහිටුවීමේදී පොලිස් නිලධාරීන් විසින් වැරදි තොරුතුර ලබාදී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරන් අලස් පවසයි.

එහිදී අමාත්‍යවරයා පවසා සිටියේ, එවැනි වැරදි තොරතුර ලබාදුන් නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවය.

රත්නපුර ප්‍රදේශයේ පැවැති උත්සවයකට සහභාගී වෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ටිරන් අලස් ,

"යුක්තිය මෙහෙයුම පටන් ගන්න ඉස්සරවෙලා අපි අධ්‍යයනය කරන කාලයේ අපි ප්‍රජා කමිටු පිහිටුවන වැඩේ අලුතින් කෙරුවේ. අපි අලුත් විදිහකට හිතලා... මට මතකයි සැප්තැම්බර් 30 වෙනෙකොට ඒක ඉවර කරන්න කියලා තිබුණේ. ඊට පස්සේ ඔක්තෝම්බර් 10 වෙනතුර කල් ඉල්ලුවා. මම ඔක්තෝම්බර් 10 වෙනකොට ඉවර කරන්න කිව්වා. පොලිස්පතිතුමා කිව්වා වගේ සමහර පැතිවල ඒක හරියට කරලා නැහැ. අපිට බොරු තොරතුරු දිලා තියෙන්නේ. එවැනි පොලිස් නිලධාරීන්ට විරුද්ධව ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ගය මම ගන්නවා. මොකද මේ දේ කරන්න බෑ පොලිස් නිලධාරීන් සියලුදෙනාම එකට එකතු වෙලා මේ වැඩ ටික කෙරුවේ නැත්නම්. කවුරු හරි ඉන්නවා නම් අපිට ඕනේ විදිහට මේ වැඩේ කරන්න බැරි. ඒ අය නිල ඇඳුම ගලවලා යන්න ඕනේ."

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us