කීරි සම්බා සහල් කිලෝ එක් දහස් තුන්සිය හැට පහක් සඟවා ගෙන සිටි බවට වරද පිළිගත් නිට්ටඹුව නගරයේ සුපිරි වෙළෙඳ සලකට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න විසින් රුපියල් ලක්ෂයක දඩ නියම කර සහල් තොගය රාජ සන්තක කිරීමට නියෝග කර ඇත.

එළැඹෙන 2024 වසරේ සංවර්ධන ඉලක්ක සාර්ථකව ක්‍රියාත්මක කළ හැකි වන්නේ ණය ප්‍රති ව්‍යුහගත කිරීම සාර්ථක කර ගැනීමෙන් අනතුරුව පමණක් යැයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසා තිබේ.

2024 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය වාර්තාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (13) දහවල් 12.00 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍යංශය විසින් හම්බන්තොට වරායේ ලාබ ඉපයීම් සදහා වැඩසටහන් රැසක් හදුන්වාදීමට පියවර ගන්නා බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායු ගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය විම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ජනාධිපතිවරයා  ලබන වසර 2024 සඳහා හෙට දිනයේ  (13) දහවල් 12.00 ට මුදල් ඇමැතිවරයා  ලෙස  විසර්ජන කෙටුම්පත (අයවැය) ඉදිරිපත් කිරීමට නියමිතය.

සේනා දළඹු වසංගතය හේතුවෙන් අනුරාධපුර, මහකනදරාව ගොවි ව්‍යාපාරයේ අක්කර දහසකට වැඩි බඩ ඉරිඟු වගාව දැඩි අවදානමකට පත් ව ඇති බව වාර්තා වේ. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ 11 වන දින පැවති සාකච්ඡාවේදී සිය ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර හිමිවු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ld add copy

Latest News

දුම්රිය තුළ වෙළෙදාම් තහනම්

දුම්රිය තුළ වෙළෙදාම් තහනම්

දුම්රිය මගීන්ට හිරිහැර වන පරිදි කිසිඳු ආකාරයක වෙළෙදාමක් දුම්රිය තුළ කිරීම තහනම් බව කොටුව මහෙස්ත්‍රාත...

Connet With Us