"සජබ සමඟ සිටින එජාපයේ හිටපු ප්‍රබලයෙක් පසුගියදා 'මගේ දේශපාලන ජීවිතයේ අවසාන අරමුණ යූ එන් පී කාරයෙකු ලෙස අභිමානයෙන් මියයාම' යැයි පවසා තිබුණේ, රනිල් සමඟ එක්ව ජාතික එකඟතාවකින් යුතු පුළුල් ආණ්ඩුවක් ගොඩනැගීමට අපේක්ෂාවෙන් සිටින සජබ මන්ත්‍රීවරුන් පිරිස අතර පැවති සාකච්ඡාවකදීය.''

කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ එක්ස් කිරණ X-ray යන්ත්‍ර දෙකම ක්‍රියා විරහිත බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පැවසුවේය.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු  විසින් ජාතික ක්‍රීඩා කවුන්සිලයට නව සාමාජිකයින් පත්කර තිබේ.

අවුකන බුද්ධ ප්‍රතිමාවට සිවුරු ඇන්දවීම් වැනි නිසරු ක්‍රියා ප්‍රවර්ධනය වීමෙන් වත්මන් සමාජයේ චින්තන පරිහානිය මැනැවින් පිළිබිඹු කරන බව  බව ජාතික කෞතුකාගාර සහ කැලණිය විශ්ව විද්‍යලයීය පශ්චාත් උපාධි ආයතනයේ හිටපු අධ්‍යක්ෂ වරයෙකු සේම ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයන්ගේ සභාවේ සමාරම්භක ලේකම් පදවිය හෙබ වූ ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ මහතා පවසයි.

පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල සහ ඔහුගේ ආරක්ෂකයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගයේදී ප්‍රථම වරට ‘මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය’ (facial recognition identification technology)මෙරට අධිකරණ පද්ධතියට ඇතුළත් කිරීමට නීතිපතිවරයා කටයුතු යොදා තිබේ.

ශ්‍රී ලංකාවේ දී විවාහ වූ යුවළක් විදෙස් රටක අධිකරණයකින් දික්කසාද වූ විට මෙරටදී එම දික්කසාදය වලංගු බවට අභියාචනාධිකරණය තීන්දු කර ඇත.

ඔක්තෝම්බර් මාසයට අදාළ රුපියල් මිලියන 8,775ක මුදලක් අස්වැසුම ප්‍රතිලාභය හිමි පවුල් 1,406,932ක් සඳහා රජයේ බැංකු වෙත ලබාදී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ නිල සමාජ ගිණුමක සටහනක් තබමින් සදහන් කර තිබේ.

බස්නාහිර, සබරගමුව, උතුරු, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ld add copy

Connet With Us