නව විදුලිබල පනත් කෙටුම්පත‍‍ට චෝදනා

Published in පුවත්
Friday, 19 April 2024 22:14

නව විදුලිබල පනත් කෙටුම්පතින් පාරිභෝගික ආරක්ෂණයට සහ ජල විදුලි බලාගාර පිළිබඳ රජයට ඇති අයිතියට කිසිදු හානියක් නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අවධාරණය කරයි.

නව කෙටුම්පතට එල්ලවන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා අද (19) පැවසුවේ එම පනතින් ගැටලු ඇතිවන්නේ විදුලිබල වෘත්තිය සමිති නායකයින්ට බවය.

මෙරට විදුලිබල ක්ෂේත්‍රයේ යෝජිත ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට විධි විධාන සලසන විදුලි පනත් කෙටුම්පත ගැසට් නිවේදනයක් මඟින් අප්‍රේල් 17 වැනිදා ප්‍රකාශයට පත් කෙරුණු අතර එය මීළඟ සභාවාරයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම නව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විදුලි වෘත්තීය සමිති ඇතුළු පාර්ශ්ව රැසකින් විවිධ චෝදනා එල්ලවුණි.

එල්ල වන මෙම චෝදනාවලට විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර ප්‍රතිචාර දැක්වූයේ මෙසේ ය.

"ජනනය, බෙදාහැරීම සහ සම්ප්‍රේෂණය කියන කොටස් තුන වෙන් කිරීම. ලෝකයේ 90%කට වැඩි රටවල්වල විදුලිබල කර්මාන්තයේ කටයුතු සිදුවන්නේ මේ ආකාරයට. ඒ නිසා අපි යෝජනා කරලා තියෙන්නෙත් අපේ තියෙන්න ජලවිදුලි බලාගාර 100%ක්ම රජය සතුව පවත්වාගෙන යන්න. ගල්අඟුරු බලාගාර, ඩීසල් සහ පුනර්ජනනීය බලාගාර මේවට අනිවාර්යයෙන්ම පෞද්ගලික ආයෝජන අවශ්‍ය වෙනවා මෙය සාර්ථක කරගන්න. වෘත්තීය සමිති කිහිපයක බලය මත තමා විදුලිබල මණ්ඩලයේ කටයුතු පවතින්නේ. ඒ වෘත්තීය සමිතිවලට බැදුනොත් විතරයි පඩි වැඩි වෙන්නේ, බැදුනොත් විතරයි ස්ථාන මාරුවක් හම්බවෙන්නේ. ඔවුන්ට ණය ලැබෙන්නේ. මේ කාරණා පනත ඇතුළෙන් ඉවත් වෙනවා. වෘත්තීය සමිති නායකයින්ට විතරයි පනත සම්මත වුණාම ගැටලුවක් වෙන්නේ. පාරිභෝගික ආරක්ෂාව ගැන වෙනම වගන්තියක් තියෙනවා මේ පනත ඇතුළේ. විදුලිබල මණ්ඩලයට වැඩිම හානියක් කරලා තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ."

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us