වාර විභාග ගාස්තු ඇතුළු වියදම් ඇතුළත් කිරීම හේතුවෙන් නව වසරේ පාසල් සංවර්ධන ගාස්තු 50% කින් පමණ ඉහළ දැමීමට සිදුවන බව පාසල් ප්‍රධානින් ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය වෙනුවෙන් අඛණ්ඩව සහාය දෙන බව දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙඕල් (Yoon Suk Yeol) නැවතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සහතික වී තිබේ.

සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ආන්දෝලනයකට තුඩු දුන් දාරලුව පඬු කරඳ ගස රහසිගත ව කපා ඉවත් කිරීම සම්බන්ධයෙන් පනවා තිබූ නඩුව එහි පැමිණිලිකරුවන් විසින් ඉල්ලා අස්කරගෙන තිබේ.

ලෝක බැංකු ආධාර යටතේ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක ව්‍යාපෘතියක් මඟින් පළාත් නවයම ආවරණය වන පරිදි සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍ර වෙනුවෙන් රුපියල් බිලියන නවයක් පිරිනැමීමට සැලසුම් කර තිබෙන බව පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පැවසීය.

අපරාධවලට සම්බන්ධ වූවන් දේශපාලන පක්ෂවලට ප්‍රවිෂ්ට වීම වැළැක්වීම, ජන්ද දායකයන් වෙත දේශපාලන පක්ෂවල විනිවිද භාවය සහ වගවීම තහවුරු කර එමඟින් ඒ කෙරෙහි ජනතා විශ්වාසය නැවත ඇති කිරීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් සලකා බලා පවත්නා මැතිවරණ නීති සංශෝධනය කිරීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ පත් කළ පරීක්ෂණ කොමිෂන් සභාවට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් පෙරේදා (2) රාත්‍රියේ නිකුත් කර තිබේ.

ඒ අනුව මේම කොමිෂන් සභාවට පැවරී ඇති රාජකාරීන් වන්නේ,

*පවත්නා මැතිවරණ නීති පිළිබඳව පරීක්ෂා කර බලා මැතිවරණ නීති සංශෝධනය කිරීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම

*දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් විසින් නිසි පරිදි මාධ්‍ය භාවිතා කළ යුතු ආකාරය පිළිබඳ මාධ්‍ය උපමාන සකස් කිරීම පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම .

*දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් හා ඔවුන්ගේ සාමාජිකත්වය දේශපාලන හා පොදු කටයුතු ඉටුකිරීමේදී හැසිරිය යුතු ආකාරය සම්බන්ධව චර්යාධර්ම පද්ධතියක් හඳුන්වාදීම පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම.

* දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සහ විශ්වාසනීයව හා මහජනතාවට වගකියන අයුරින් ඒවායෙහි කටයුතු කිරීම සම්බන්ධව නීතිරීති ශක්තිමත් කිරීම පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම මෙන්ම විමර්ශනය සහ පරීක්ෂා කර වාර්තා කිරීම.

* කාන්තා හා තරුණ නියෝජනය වැඩි කිරීම.

*මැතිවරණයක් ප්‍රකාශයට පත් කළ දින සිට එකී මැතිවරණය පවත්වා ප්‍රතිඵල නිකුත් කරනු ලබන දින දක්වා වන කාලය අඩුකිරීම.

* ඡන්දය භාවිතා කිරීමේදී මුද්‍රිත ඡන්ද පත්‍රිකාවක් භාවිතා කිරීම වෙනුවට නවීන තාක්ෂණය යොදා ගනිමින් ඉලෙක්ට්‍රොනිකව ඡන්දය භාවිතා කිරීම සඳහා අවස්ථාව සැලසීම.

*දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් විසින් නිසි පරිදි මාධ්‍ය භාවිතා කළ යුතු ආකාරය පිළිබඳව මාධ්‍ය උපමාන සකස් කිරීම පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම.

* දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් හා ඔවුන්ගේ සාමාජිකත්වය දේශපාලන හා පොදු කටයුතු ඉටුකිරීමේදී හැසිරිය යුතු ආකාරය සම්බන්ධව චර්යාධර්ම පද්ධතියක් හඳුන්වාදීම පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම.

* දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සහ විශ්වාසනීයව හා මහජනතාවට වගකියන අයුරින් ඒවායෙහි කටයුතු කිරීම සම්බන්ධව නීති රීති ශක්තිමත් කිරීම පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම.

එමෙන්ම යෝජිත ව්‍යවස්ථාව ද ඇතුළත්ව පහත කරුණු පිළිබඳ නිර්දේශයන් ඉදිරිපත් කිරීම ද මේ කොමිසමට පැවරේ.

ශ්‍රී ලංකාවේ ඡන්ද දායකයා සහ දේශපාලන පක්ෂ අතර අන්‍යෝන්‍ය විශ්වාසයක් තහවුරු කර පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය හඳුනාගනිමින් සහ අන්තර් පාර්ලිමේන්තු සංගමයද ඇතුලත්ව ගෝලීය වශයෙන් පිළිගත් සංවිධාන ගණනාවක් විසින් දේශපාලන පක්ෂවල විනිවිදභාවය සහ වගවීම සඳහා නිර්ණායක ඉදිරිපත් කිරීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු කර ඇත.

මැතිවරණද ඇතුළත්ව මැතිවරණ ව්‍යාපාරයන්හි මූල්‍ය පිරිවැය ශීඝ්‍රයෙන් ඉහළ යෑම, දේශපාලනය තුළ මුදලෙහි භූමිකාව සහ ප්‍රතිපත්ති ග්‍රහණයට ඇති අවස්ථාවන් සම්බන්ධයෙන් මෙහිදී පුළුල් අවධානයකට ලක් කර තිබෙන අතර, අපරාධවලට සම්බන්ධ වූවන් දේශපාලන පක්ෂවලට ඇතුළු වීම, ස්ථාවර දේශපාලන පක්ෂ වෙනුවට දේශපාලන අස්ථාවරභාවයට තුඩු දෙන පරිදි කෙටි කාලීන දේශපාලනික පෙරමුණු ආදේශ වෙමින් පැවතීම ද කෙරෙහිද විශේෂ අවධානය යොමු කර තිබේ. කොමිෂන් සභා වර්තාව මාස 6ක් තුළ භාර දීමට නියමිතය.

 

P.M

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති දේශමාන්‍ය ලලිත් කොතලාවලගේ මරණය ස්වාභාවික මරණයක් බවට අධිකරණ වෛද්‍යවරයා අධිකරණයට දැනුම් දී තිබිණි.

ලිට්‍රෝ මිළ ඉහළට !

Published in පුවත්
Friday, 03 November 2023 19:37

හෙට සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කර තිබේනවා .

ld add copy

Latest News

රනිල් බලන්න රෑම ආ අමුත්තෝ

රනිල් බලන්න රෑම ආ අමුත්තෝ

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු දේශපාලඥයින් කිහිපදෙනෙකුම ඊයේ (22)...

Connet With Us