ප්‍රමිතියෙන් තොර පොල්තෙල් මෙරට ජනතාව සදහා පරිභෝජනයට ඉඩ නොදෙන බවත්, එවැනි පොල් තෙල් ප්‍රති අපනයනය කරන බවත් කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසා සිටියේය.

විශේෂ කාර්ය බලකාය සිදු කළ වැටලීමකින් අපරාධ කටයුතු සඳහා ගිණිඅවි අලෙවි කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා ඇති හැකියාව හඳුනා ගනිමින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) ජාත්‍යන්තර සාධාරණ වෙළඳ ජාලයේ හවුල්කරුවන් සමඟ එක්ව පුළුල් ක්‍රියාකාරී සැලැස්මක් සදහා යෝජනාවලියක් ඉදිරිපත් කර ඇත.

2024 වසර වනවිට ලංකා ගමනාගමන මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවට පත් කළ යුතු බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසා ඇත.

කැබිනට් මණ්ඩලයේදී ගන්නා ලද තීරණයක් පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ ප්‍රශ්න කිරීමට හැකියාව තිබේදැයි ජනාධිපති කාර්යාලය නීතිපතිවරයාගෙන් කරුණු විමසා ඇත.

ලන්දේසීන් මෙරටින් රැගෙන ගොස් තිබූ ලෙව්කේ දිසාවට අයත් කාලතුවක්කුව, රාජකීය රන් කස්තානය, රන් පිහිය, රිදී කස්තානය සහ මහ තුවක්කු දෙකක් ඇතුළු කෞතුක භාණ්ඩ එකතුවක් නෙදර්ලන්ත රජය මඟින් ශ්‍රී ලංකා රජය වෙත ඊයේ (29) නිල වශයෙන් භාර දී ඇත.

ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් විමර්ශන කරද්දී පිළිකා රෝගී්න් සඳහා භාවිතා කරන ‘රිටොක්සිනන්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර රුපියල් කෝටි 11 කට ආසන්න මුදලක් වංචා කිරීමේ සිද්ධියක්ද අනාවරණය වී ඇතැයි පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මියට අද (29) දැනුම් දුන්නාය.

මේ වසරේ ජනවාරි සිට නොවැම්බර් 27 දක්වා කාලය තුළ සිදුකළ වැටලීම්වලින් රුපියල් මිලියන 20,576ක මත්ද්‍රව්‍ය සිය භාරයට ගෙන ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

ld add copy

Latest News

Connet With Us