රාජ්‍ය ඇමැති ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබූ රිට් පෙත්සමක් නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව අභියෝගයට ලක්කරමින් ගොනුකළ අභියාචනා පෙත්සම් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද දින නියම කළේය.

විදේශ රැකියා ක්ෂේත්‍රය කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශවයන් වෙත ක්ෂණිකව තොරතුරු ලබාදීම හා සේවාවන් කඩිනමින් ලබාදීම සඳහා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවිය වන www.slbfe.lk වෙබ් අඩවිය යාවත්කාලීන කර ජනගත කිරීම පසුගිය දා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර අතින් සිදුවිය.

ශ්‍රී ලංකා ජනතාවගේ යහපත සඳහා ශ්‍රී ලංකා පොලිස් සේවය ඉදිරියට ගෙනයන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා (වැඩබලන) පවසයි.
පොලිස්පතිවරයා පවසා සිටියේ,

ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම සඳහා ණයහිමි රටවල් කණ්ඩායම එකඟ වූ බව වාර්තාවේ.

මෙරට ආර්ථිකයේ තිරසරභාවය වෙනුවෙන් රැඩිකල් ආර්ථික ප්‍රතිව්‍යුගත කිරීමක් අවශ්‍යයි
එක ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් තුළ අඛණ්ඩව කටයුතු නොකළහොත් රටට යළිත් ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදු වෙනවා.

මෙරට සමස්ත කාන්තා ප්‍රජාව ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගන්වා ඔවුන්ගේ ජීවන මට්ටම ඉහළ නංවමින් ජාතික ආර්ථිකයේ ප්‍රමුඛ කොටස්කරුවන් කිරීමේ අරමුණෙන් සුහුරුලිය  2.0 මූලෝපාය එළිදැක්වීම පසුගිය දා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලවේ දී සිදු විය.

වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ව පත්කර ඇති බව වාර්තා වෙයි.

මෙම මහ කන්නයේදීත් බඩඉරිඟු වගාව සේනා දළඹු හානියේ බලපෑමට ලක්වෙමින් පවතින බැවින් දළඹු හානිය පාලනය සඳහා ගත යුතු පියවර සම්බන්ධව ගොවි ජනතාව දැනුම්වත් කිරීමට පියවර ගන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු වග කිවයුතු නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ld add copy

Latest News

Connet With Us