තැපෑලට ප්‍රණාමය - සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය

Published in පුවත්
Thursday, 11 April 2024 19:46

අප්‍රේල් මස 12 වැනිදා රජයේ නිවාඩු දිනයක් වූවද තැපැල් දෙපාර්තමේන්තුව එදින සේවයෙහි යෙදීමත් සහ අනෙකුත් මහජන සේවයට ප්‍රමුඛත්වය ලබාදෙන ආයතනයන්ට, ප්‍රණාමය පුද කරන්නෙමුයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය වෙනුවෙන් එහි සභාපති කරූ ජයසූරිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදනය

මහජන සේවයට ප්‍රමුඛත්වය ලබාදෙන ආයතනයන්ට ප්‍රණාමය පුද කරන්නෙමු

අප්‍රේල් මස 12 වැනිදා රජයේ නිවාඩු දිනයක් වුවද මෙරට ජනතාවට එවා ඇති අවුරුදු තෑගි නොපමාව ලබා දීමට තැපැල් දෙපාර්තමේන්තුවේ සෑම තරාතිරමකම නිළධාරීන් තම වගකීම් නොපිරිහෙලා කටයුතු කරමින් සිටින බව මාධ්‍ය වාර්තා කර තිබිණ. එය ඉතාමත් අගය කල යුතු තත්ත්වයකි. එමෙන්ම එයට ශ්‍රී ලංකා රේගු දෙපාර්ත්මේන්තුව ද සහය දක්වා තිබීම ඉතා අගනේය.

මෙම ආයතන දෙක ගෙන ඇති පියවර මහජන සේවා සපයන අනෙකුත් ආයතනවලට ද මහඟු ආදර්ශයක් සේ සලකමු. විශේෂයෙන්ම මෙවැනි උත්සව සමයක ගමනාගමන, සෞඛ්‍ය හා අත්‍යාවශ්‍ය පාරිභෝගික සේවා සපයන ආයතනයන්හි කැපවීම ඉතා වැදගත් කොට සැලකිය යුතුය.

ඒ අනුව සැලකීමේදී මෙවැනි පියවර අවසාන වශයෙන් රටේ මහජන සුබසෙත උදෙසා වනු ඇති බව අපගේ විශ්වාසයයි. ඒ සඳහා කැපවන සියල්ලන් වෙත අපගේ ස්තුතිය පිරිනමන්නෙමු.

එමෙන්ම ලබන්නා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සමස්ත ශ්‍රී ලංකා සහෝදර සහෝදරියන්ට හා දූ දරුවනට යහපතම උදාකරන්නා වූ වාසනාවන්ත කාලයක් ම වේවා යයි ඉතසිතින් සුභාශිංසනය කරන්නෙමු.

ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය
සභාපති
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us