ළමයින් ළමා නිවාසගත වීම පහතට

Published in පුවත්
Friday, 19 April 2024 13:35

ශ්‍රී ලංකාව පුරා ඇති ළමා නිවාස 354 තුළ මේ වනවිට ළමයින් 9,147ක් සිටින බව පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව විසින් පවසනු ලබයි.

එය අනෙක් වසර හා සසඳන කල ළමා නිවාසගත වීමේ අඩුවීමක් බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. විකල්ප රැකවරණ ප්‍රතිපත්තිය යටතේ කිසියම් අවස්ථාවක දී දරුවකු ළමා නිවාසගත කෙරෙන්නේ ඒ සඳහා ඇති අවසාන විකල්පය ලෙස බවත්, දරුවකු පවුලක් තුළ ඇති දැඩිවීම අත්‍යවශ්‍ය කාරණයක් බවත් පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තු නිලධාරීන් පැවසුවේය.

එබැවින් පරිවාස නිලධාරීන් හැකි සෑම අවස්ථාවකදීම දරුවාගේ ස්වාභාවික පවුල තුළ හෝ වෙනත් සුදුසු භාරකරුවකු යටතේ පවුලක් තුළ දරුවාට ඇති දැඩිවීමට අවස්ථාව සැලසීම සඳහා කටයුතු කරන බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us