ණය ප්‍රතිව්‍යූහගතකරණය කඩිනමින් අවසන් කිරීමට ජපානයෙන් සහාය

Published in පුවත්
Friday, 19 April 2024 13:18

අන්තර්ජාතික මූල්‍ය ආයතනවල සහාය ගනිමින් රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කඩිනමින් අවසන් කිරීමට සහාය දෙන බව ජපානය අවධාරණය කර තිබේ.

අමෙරිකා එක්සත් ජනපදයේ වොෂිංටන් නගරයේ දී මේ දිනවල පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වසර මැද සමුළුවට සහභාගි වී සිටින මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ සහ ජපානයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය මුදල් ඇමැති ෆුජි ඩඉජෝ යන අය අතර පැවැති සාකච්ඡාවේ දී ජපාන ජාත්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය මුදල් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ යැයි මුදල් අමාත්‍යාංශය පවසයි.

ජපානය සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් මිත්‍රත්වය සහ සබඳතාව මේ සාකච්ඡාවේ දී නැවත තහවුරු කළ අතර ශ්‍රී ලංකාව ලබා ඇති විශිෂ්ට ආර්ථික ප්‍රගතිය එහිදී අගය කර තිබෙන බව ද එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.

මෙහිදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය සවිමත් කිරීමේ දී ජපානය ලබාදෙන සහාය අගය කර තිබෙන ශෙහාන් සේමසිංහ අද වනවිට දෙරට අතර සබඳතා වඩාත් ශක්තිමත් වී තිබෙන බවද සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංගේ ශක්තිමත් නායකත්වය සහ ආර්ථික කළමනාකරණය එහි දී පැසසුමට ලක් වූ අතර විශේෂයෙන්ම නිල ණය හිමි කමිටුවේ සම සභාපති ලෙස ශ්‍රී ලංකාව සඳහා ජපානයේ අඛණ්ඩ සහයෝගය දෙන බව පැවසූ බවද සේමසිංහ සඳහන් කරයි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කළ අතර, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ඉක්මණින් අවසන් කිරීමට ජපානයේ අඛණ්ඩ කැපවීම එහි දී සහතික කෙරිණි.

එමෙන්ම ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරහිමියන් සමග පැවැත්වෙන සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාවට උදව් කිරීමට සුදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා තිබිණි.

මේ අතර, ශ්‍රී ලංකාව විසින් ගෙවීම පැහැර හරිනු ලැබු අමෙරිකානු ඩොලර් බිලියන 12ක් පමණ වන ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා එළැඹෙන මැයි මැද වන විට ආයෝජකයින් සමඟ ගිවිසුමකට එළඹෙනු ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කර තිබෙන අතර ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් උපායමාර්ගික තොරතුරු උපුටා දක්වමින් බ්ලුම්බර්ග් වෙබ් අඩවිය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ නවතම දත්ත වාර්තා කර තිබේ.

එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාව විසින් පැහැර හරිනු ලැබු අමෙරිකානු ඩොලර් බිලියන 12ක් වන ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව මැයි මස මැද වන විට ආයෝජකයින් සමඟ ගිවිසුමකට එළඹෙනු ඇති බවය.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සම්බන්ධයෙන් එම බැඳුම්කරහිමියන්ගේ නියෝජිත කමිටුව සමඟ පැවැති මූලික වටයේ සාකච්ඡා අසාර්ථක වූවත් ඉදිරි සති කිහිපයේ නැවත එකඟතාවයකට පැමිණිමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇති බව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පවසා ඇත.

එහිදි ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමග ශ්‍රී ලංකාව එකඟතාවයකට පැමිණිමට නොහැකිව ඇත්තේ මෙරට දළ දේශිය නිෂ්පාදිතයේ වර්ධනය හා බැඳුණු " සාර්ව සම්බන්ධිත බැඳුම්කර '' සම්බන්ධයෙන් බව සඳහන්ය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us