ඌව පළාතෙත් අම්පාර, මඩකළපුව, මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද (28) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

හෙළයේ ගීත කෝකිලාවිය ලෙස විරුධාවලි ලැබූ කලාශූරී ලතා වල්පොල මහත්මිය අද (27) අභාවප්රාප්ත  විය.

තත්වයෙන් බාල විදුලි උපාංග භාවිතය හේතුවෙන් විදුලිසර වැදී මිය යන පුද්ගලයන් සංඛ්‍යාව අවම කිරීම සඳහා විදුලි පේනු සම්බන්ධක (ඇඩැප්ටර්) සහ කෙවෙනි ආදිය නිෂ්පාදනයේදී ප්‍රමිති සහතිකය අනිවාර්යය කර ඇතත් ප්‍රමිතියෙන් බාල එවැනි විදුලි උපාංග නිෂ්පාදනය ඉහළ ගොස් ඇතැයි අනාවරණ වේ.

දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් නිවාස සඳහා, තනි තනිව හානි තක්සේරු කිරීම් සිදු කිරීමකින් තොරව එක් නිවසකට රුපියල් ලක්ෂ පහක (500,000) මූලික වන්දියක් ලබා දීමට රජය තීරණය කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පුරෝකථනය කර ඇති ආකාරයට ඉදිරියේදී ඇතිවන වැසි තත්ත්වයේ වර්ධනය වීම අනුව සූදානම් වීම සඳහා මේ වන විට ආපදා කළමනාකරණ අංශ සූදානම් කර තබා ඇති බව එම මධ්‍යස්ථානය පවසයි.

ඉදිරි පැය 36දී ඌව පළාතේ අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

2026 වර්ෂය සඳහා ඡන්දදායක සංගණන කටයුතු පෙබරවාරි 1 වැනිදා ආරම්භ කිරීමට නියමිත බව පැෆ්රල් සංවිධානය පවසයි.

ld add copy

Connet With Us