ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ගයාශාන් නවනන්දන එක්සත් ජාතික පක්ෂය සමග අද එක්වී ඇති බව තොරතුරු වාර්තාවේ.

එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන අද (01) උදෑසන ගාල්ල සිට කොළඹ බලා දුම්රියෙන් පැමිණි බව වාර්තා වෙයි.

අද පස්වරුවේත් ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අද (1) සිට ක්‍රියාත්මක වන පරිදි සිමෙන්ති මිල පහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස විජයදාස රාජපක්ෂ ඉදිරිපත් කරන්නේ යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (1) පැවසීය.

වතු සේවකයින්ගේ වැටුප රුපියල් 1700කට වැඩිකර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මෙලෙස පැවසුවේ අද (01) පෙරවරුවේ කොටගල මහජන ක්‍රීඩාංගණයේ පැවති ලංකා කම්කරු කොංග්‍රසයේ මැයි දින රැළියට එක්වෙමිනි.

ඊට අදාළ ගැසට් නිවේදනය පහතින්

 

2382 04 S 1

දියතලාව නරියාකන්ද, ෆොක්ස් හිල් මෝටර් රථ අනතුර සම්බන්ධයෙන් පැවැති නඩුව ඊයේ (30දා) යළි බණ්ඩාරවෙල අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ එම අනතුරට සම්බන්ධ මෝටර් රථ දෙක රුපියල් ලක්‍ෂ පනහ බැගින් වූ බැඳුම්කර දෙකක් මත නිදහස් කර සැකකාර තරගකරුවන් දෙදෙනාට යළි අධිකරණයෙන් සිතාසියක් ලැබුණහොත් පමණක් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් ඇන්ටනී එස්. පීටර් ෆෝල් ඊයේ (30දා) නියෝග කළේය.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් ඉන්ධන මිල ගණන් පහළ දැමීමට පියවර ගෙන තිබේ.

ld add copy

Connet With Us