අපරාධ කල්ලි සාමාජිකයන් සමඟ සබඳතා පවත්වන පොලිස් නිලධාරින් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගෙන ඇති බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවස‍යි.

අවිස්සාවේල්ල - පිටකොටුව (122) මාර්ගයේ බස් රථ ධාවනයෙන් ඉවත් ව ඇති බව වාර්තා වේ.

2024 ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි වීමේ කටයුතු ප්‍රමාද නොවී සම්පූර්ණ කරන ලෙස මැතිවරණ කොමසාරිස් කාර්යාලය සිහිකැඳවීමක් සිදු කර තිබේ.

මේ වනවිට රටපුරා මදුරු කීට ඝණත්වය පහළ ගොස් ඇතැයි සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති නජිත් සුමනසේන පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබේ. ඒ, 7 වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගී වීම සඳහායි.

පොදු ප්‍රවාහන සේවා වලදී ළමයින්ට හා කාන්තාවන්ට විවිධ ලිංගික හිංසනයන් සිදුවන බවට දෛනිකව පොලිස් ස්ථාන වලට වාර්තාවන පැමිණිලි සැලකිල්ලට ගනිමින් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි 2024.02.07 වන අද දින දිවයින පුරා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරනු ලබයි.

විවිධ අදහස් පැවතියද, විවිධ ආගම් සහ ජාතීන්ට මෙන්ම විවිධ දේශපාලන පක්ෂවලට අයත් වුවද රටේ අනාගතය වෙනුවෙන් සියලුදෙනා පොදු එකඟතාවකට එක්වීමේ භාරදූර වගකීම ඉටු කිරීමට කාලය එළැඹ ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

2022 වසර පුරා කඩා වැටුණු ආර්ථිකය, 2023 වසරේදී වාර්තාගත ප්‍රගතියක් අත් කර ගත හැකි වූයේ අහම්බයකින් නොව ඉතා පරිස්සමින් හා දූරදර්ශීව සකස් කළ සියුම් ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවීම තුළින් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ld add copy

Connet With Us