රාජ්‍ය සේවකයින්ට වැඩි කළ රුපියල් 10,000ක දීමනාව සහිත අප්‍රේල් මස වැටුප ලබන 10 වැනි දා ලබා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

බස් වල ගමන් කරන මගීන්ගේ මුදල් පසුම්බි, රන් ආභරණ ඇතුළු දේපල සොරකම් කිරීමේ නිරත, ගැබිණි කාන්තාවන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ෆේස්බුක් සමාජ මාධ්‍යයේ ව්‍යාජ ගිණුම් නිර්මාණය කරමින් රාගම තරුණියකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ 21 හැවිරිදි තරුණයෙක් පිළියන්දල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

රටේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට නම් විෂය දැනුම ලබාදී විභාගවලට ඉදිරිපත් කිරීම මෙන්ම ඔවුන්ගේ පෝෂණය ද සුරක්ෂිත කළයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

රේගුවේ සිරවී තිබූ බහාලුම් සියල්ල නිදහස් කර ඇති බැවින් ඉදිරියේදී අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහළ යාමක් සිදුවන බව කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය පවසයි.
මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති නිලුක්ෂක කුමාර මේ බව සදහන් කලේය.

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

ශ්‍රී ලංකාවට පළමුවරට හඳුන්වාදුන් බඩ ඉරිඟු ඇතුලු ධාන්‍ය බීජ වියලීම සඳහා සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක සෝලා ටනල් ඩ්‍රයර් ක්‍රමවේදය සාර්ථක වී තිබෙනවා.

ජනාධිපතිවරණයට පෙර නව පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීම සඳහා යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාත්මක කිරීමට ජාතික ජන බලවේගය රජයට ඉඩ නොදෙන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ld add copy

Connet With Us