ඩිජිටල් හැඳුනුම්පත මේ මාසයේ සිට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසීය.

දිනකට විදෙස් ගමන් බලපත්‍ර 2,500 බැගින් නිකුත් කිරීමට මේ වනවිට පියවර ගෙන ඇති බව මහජන ආරක්ෂක ආමාත්‍යාංශය සඳහන් කරනවා.

විදුලි බිල සියයට 20 ත් - 30 ත් අතර ප්‍රමාණයකින් අඩු කළ යුතු බව විදුලි ගාස්තු සංශෝධනය සඳහා පළාත් නවයම ආවරණය වන පරිදි කළ මහජන අදහස් විමසීමේදී යෝජනා වී ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

පසුගිය ආණ්ඩු කාලවල දී මෙන් වර්තමානයේ දී ද දේශපාලන හේතු මත ගුරුවරුන්ගේ ස්ථාන මාරු අත්හිටුවීමට කටයුතු නොකරන්නැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරයි.

හින්දු බැතිමතුන්ගේ ප්‍රධානතම ආගමික උත්සවයක් වන තෛපොංගල් උත්සවය අදට (14) යෙදී තිබේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ මුහුද රළු වීම සම්බන්ධව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

වාහන ආනයන බදු ප්‍රතිශතවල එකතුව සියයට 400ත් 500ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙයි.

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදයි.

ld add copy

Connet With Us