නායයෑම් සැලකිල්ලට ගනිමින් තෙලිජ්ජවිල පාසලකට නිවාඩු ලබාදෙයි

Published in පුවත්
Wednesday, 13 May 2026 11:17

මාතර දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් මතුවී ඇති නායයෑම් සහ පස්කඳු කඩාවැටීමේ අවධානම සැලකිල්ලට ගෙන තෙලිජ්ජවිල රාජකීය විද්‍යාලයේ ශ්‍රේණි කිහිපයක් සඳහා අද (13) දිනයේ නිවාඩු ලබාදීමට පියවර ගෙන ඇත.

එම පාසලේ විදුහල්පතිවරයා සඳහන් කළේ දරුවන්ගේ ආරක්ෂාව පතා 6, 7, 8, 9 සහ උසස් පෙළ පන්ති සඳහා පමණක් අද දිනයේ නිවාඩු ලබාදුන් බවය.

10,11 සහ ප්‍රාථමික අංශයේ පන්ති සුපුරුදු පරිදි පැවැත්වෙන බවද විදුහල්පතිවරයා සඳහන් කරයි.

මේ අතර මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස ඇතුළු තදාසන්න ප්‍රදේශවලරටත් නිල්වලා ගංඟාවේ දෙනියාය සහ සිංහරාජ රක්ෂිත වනාන්තරය ඇතුළු පෝෂිත කලාපයටත් ධාරානිපාත වැසි ඇදහැලෙමින් පවතී.

නිල්වලා ගංඟාවේ ජල මට්ටමේ වැඩිවීමක් පිටබැද්දර හා අකුරැස්ස ප්‍රදේශවලින් දක්නට ලැබෙන බවත් අද දෙරණ වාර්තාකරු පැවසීය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us