දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය අද දිනයේත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තර් හුවමාරුව යළි දැනුම්දෙන තුරු වසා දමා තිබේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ, පැල්මඩුල්ල, නිවිතිගල, රත්නපුර, කුරුවිට, අයගම සහ ඇලපාත ප්‍රදේශවල පහත් බිම්වල ජනතාව දැඩි අවදානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින්  අනතුරු අඟවා තිබේ. 

ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, හොරණ , දොඩංගොඩ සහ මිල්ලනිය ප්‍රදේශවල පහත් බිම්වල ජනතාව ද දැඩි අවදානයෙන් පසු විය යුතු බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

ඉදිරි පැය 48 දක්වා මෙම අනතුරු ඇඟවීම් ක්‍රියාත්මකයි.

 

එමෙන්ම තර දිස්ත්‍රික්කයේ, පස්ගොඩ, කොටපොල, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, කඹුරුපිටිය සහ තිහගොඩ මෙන්ම මාතර සහ දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නිල්වලා ගංගාව ආශ්‍රිත ප්‍රදේශවල පහත් බිම්වල ජනතාව දැඩි අවදානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි 

ඉදිරි පැය 48 දක්වා මෙම අනතුරු ඇඟවීම් ක්‍රියාත්මකයි.

අනතුරු ඇඟවීමට අදාල වේලාව 02.06.2024 මධ්‍යම රාත්‍රී 12.15 සිට පැය 48ක්.

නිරිත දිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි සහ සුළං තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අස්වැසුම සඳහා මෙතෙක් ඉල්ලුම් කිරීමට නොහැකි වු අයට ඒ වෙනුවෙන් තවමත් අවස්ථාව පවතින බව මුදල් රාජ්‍යය අමාත්‍යය ශෙහාන් සේමසිංහ පැවසීය.

මේ දිනවල ඇදහැලෙන අධික වැසි හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ, ඉංජිනේරු එස්.පී.සී.සුගීෂ්වර සදහන් කරයි.

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්‍රමය නූතන ලෝකයේ සිදුවන වෙනස්කම් අනුව වෙනසක් සිදුවිය යුතු බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.

ld add copy

Latest News

උසස් පෙළ විභාගය අදින් ඇරඹේ

උසස් පෙළ විභාගය අදින් ඇරඹේ

2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අදින් (10) ආරම්භ වන අතර එය දෙසැම්බර් මස 05 වනදා දක්වා...

Connet With Us