ඉන්ධන මිල සංශෝධනය අද මධ්‍යම රාත්‍රියේ

Published in පුවත්
Monday, 30 September 2024 08:11

මාසිකව සිදුවන ඉන්ධන මිල සංශෝධනය අද මධ්‍යම රාත්‍රියේ සිදු කිරීමට නියමිතව තිබෙනවා.

මෙවර සිදුවීමට නියමිත ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් මේ වනවිට සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබීම ද විශේෂත්වයක්.

ඊට හේතුව නම් නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනපති වීමෙන් අනතුරුව සිදු කිරීමට නියමිත පළමු ඉන්ධන මිල සංශෝධනය ද මෙය වීමයි.

එවන් තත්ත්වයක් තුළ මෙවර සංශෝධනයට අනුව අද මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිල ගණන් විශාල ප්‍රමාණයකින් අඩු වනු ඇති බවයි බොහෝ දෙනෙක් පවසන්නේ.

ඊට හේතුව නම් අනුර දිසානායක මහතා ජනාධිපති වීමට පෙර, ඉන්ධන සඳහා එවකට පැවති රජය අධික බද්දක් හිතාමතාම ගසා ඇති බවත්, එම බද්ද කපාහැරියහොත් ඉන්ධන විශාල ගණනකින් පහල දැමිය හැකි බව පැවසීමය.

මේ අතර මේ අතර පසුගියදා ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවකදී බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරින් ප්‍රකාශ කළේ, පරිභෝජනයට ප්‍රමාණවත් ඉන්ධන සංචිතයක් මෙරට පවතින බවයි.

ඉදිරියේදී ජනතාවට බාධාවකින් තොරව ඉන්ධන ලබා ගැනීමට හැකිවන පරිදි ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවත්වාගෙන යාමේ වැදගත්කම එහිදී අනුර කුමාර දිසානායක මහතා විසින් නිලධාරින්ට එහිදී පෙන්වාදී තිබුණා.

ලබන වර්ෂයට අදාළව ප්‍රමාණවත් ඉන්ධන ලබා ගැනීම සඳහා කාර්යක්ෂමව කටයුතු කරන ලෙසටයි ජනාධිපතිවරයා නිලධාරින්ට උපදෙස් ලබා දුන් බව සඳහන්.

මෙම සියලු කටයුතුවලදී ජනාධිපතිවරයා ලෙස තම පූර්ණ සහාය ලබා දෙන බව ඔහු එහිදී අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

මේ අතර, ඉන්ධන සඳහා පනවා ඇති බද්ද ඉවත් කරන බවට දුන් පොරොන්දුව ඉටු කරන ලෙස හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා රජයෙන් ඉල්ලා සිටින අතර එමඟින් මිල සැලකිය යුතු ලෙස අඩුවනු ඇති බව ද පසුගියදා ප්‍රකාශ කළේය.

“ඔවුන් මැතිවරණ රැස්වීම්වලදී කියා සිටියේ ඉන්ධන සඳහා වන බද්ද ඉවත් කරන බවයි.

ඒ අනුව ලීටරයක් රුපියල් 150/ට දිය හැකි බවයි.

දැනට පවතින නීතිමය ප්‍රතිපාදන අනුව ඉන්ධන මිල සංශෝධනය 30 වැනිදා රාත්‍රිය වන විට සිදුවිය යුතු බවයි කංචන විජේසේකර මහතා පැවසුවේ.

ඔවුන් පොරොන්දු වූ පරිදි බදු ඉවත් කළ හැකි නම් ඩීසල් ලීටරයක් රු. 100" දිය හැකි බවද පැවසීය.

-P.M

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us