නීතිපතිවරයාට සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා දුන් නිර්දේශය සම්බන්ධයෙන් අද(10) දිනයේ සලකා බලන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පවසයි.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉදිරි සති කිහිපය තුළ දී වෙළඳපොළේ මත්ස්‍ය මිල ගණන තවදුරටත් ඉහළ යා හැකි බව ධීවරයින් පවසයි.

ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දීය ජනාධිපතිනි ද්‍රෞපදී මුර්මු මහත්මිය ඉදිරියේ රාශ්ට්‍රපති භවන්හි දී දිවුරුම් දීමෙන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජ්‍ය නායකයින් ඔහු වෙත ඊයේ (09) රාත්‍රියේ උණුසුම් සුබපැතුම් එක් කළහ.

ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය ඇතුළු වෘත්තීය සමිති 05කට සිය ගැටලු ඉදිරිපත් කිරීම සඳහා අද දිනයේ දී සාකච්ඡාවක් ලබා දී ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කර ඇත.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එක්සත් ජාතික පක්ෂය එකමුතු කර ශක්තිමත් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා විජයග්‍රහණය කරා මෙහෙය වීමට පක්ෂයේ ජාතික ලේකම්වරයා වශයෙන් තමා ඇපකැප වී ක්‍රියා කරන්නේ යැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි.

මහව සිට අනුරාධපුරය දක්වා වන දුම්රිය මාර්ගයේ සිදුවන අලුත් වැඩියාව හේතුවෙන් මෙවර පොසොන් සමයේ වැඩි අතරේක බස් සේවවාක් යෙදවීමට කටයුතු කරන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත්ද අල්විස් මහතා පැවසීය.

මෙරටට වාණිජ අභ්‍යවකාශ ක්ෂේත්‍රය හඳුන්වා දුන් සුප්‍රීම් ග්ලෝබල් සමාගම තවත් ඉතිහාසගත ආරම්භයක් සනිටුහන් කරමින් චීනයේ ගැඹුරු අභ්‍යවකාශ ගවේෂණ පර්යේෂණ මධ්‍යස්ථානය ( (China’s Deep Space Exploration Laboratory - DSEL ) සමඟ ගැඹුරු අභ්‍යවකාශ ගවේෂණයට පිවිස ඇත් බව එම සමාගම නිවේදනය කරයි.

ld add copy

Latest News

නේපාලයේ සිදු වීම් ගැන රනිල් ගෙන් විශේෂ නිවේදනයක්

නේපාලයේ සිදු වීම් ගැන රනිල් ගෙන් විශේෂ නිවේදනයක්

නේපාලයේ කත්මණ්ඩු නුවර ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ න...

Connet With Us