මෙම එන්නත පුද්ගලික ඖෂධ සල්වල රුපියල් 5500 ත් 7,500 ත් අතර මිලකට අලෙවි කෙරුණි.
පිළිකා රෝගය හඳුනා ගැනීමෙන් පසුව මෙම එන්නත ලබා දෙන අතර, දිවයිනේ බොහෝ පිළිකා සායනවල අදාළ එන්නත නොමැති බව තොරතුරු අනාවරණය වේ.
මේ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය කියා සිටියේ පිළිකා සායනවලින් රෝගියාගේ නමට පමණක් අදාළ ඖෂධය ලබා දෙන බවත්, මෙම ඖෂධය අදාළ සායනවල නොමැති නම් ඒ සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කරන බවය.
-p.m