බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම්දීමේ උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීට සුළු මොහොතකට පෙර නවදිල්ලිය බලා පිටත්ව ගොස් තිබේ.

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිතායතනයේ (IAEA) විශේෂඥ කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ ප්‍රථම න්‍යෂ්ටික බලාගාරය ඉදිකිරීම සඳහා සුදූසු ස්ථාන හඳුනාගැනීම සඳහා සිදු කළ දින හතක ආරක්ෂක සමාලෝචනයක් අවසන්කර ඇති බව IAEA පවසයි.

රුපියල් බිලියන 2.5 ක ආයෝජනයක් සහිතව සිදුවන යාපනයේ විශාලතම පුද්ගලික අංශයේ සංවර්ධන ව්‍යාපෘතිය ලෙස සැලකෙන ජාත්‍යන්තර විශ්ව විද්‍යාල සංකීර්ණය ලබන වසරේ මුල් භාගයේදී විවෘත කරන බව නාගරික සංවර්ධන අධිකාරියේ (UDA) සභාපති නිමේෂ් හේරත් මහතා පවසයි.

හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වන සහ දැන් අලුතින් පිහිටුවන ලද එක්සත් ජනරජ පෙරමුණේ (URF) නායක පාඨලී චම්පික රණවක සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ සිය පක්ෂයේ පළමු වාර්ෂික සම්මේලනය පවත්වා පැය 48කට පසු, ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පිළිගන්නා ලෙස ඉල්ලීමක් නර ඇතැයි වාර්ථා වේ.

ස්වයං රැකියා හා ගෘහ කර්මාන්ත සඳහා රුපියල් ලක්ෂ 250ක් දක්වා ණය ලබා ගත හැකි බව කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ පවසයි.

කොලොන්නාව නගරය තිබෙන තැනින් ඉවත් කොට එම ප්‍රදේශයේම උස් බිමක ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබේ.

රාජ්‍ය බැංකු ප්‍රතිසංවිධානය කිරීමේ රජයේ වැඩසටහනේ එක් පියවරක් ලෙස ඛනිජ තෙල් සංස්ථාව විසින් මහජන බැංකුවට සහ ලංකා බැංකුවට ගෙවීමට තිබෙන ණය රජය විසින් ගෙවා දැමීමට තීරණය කර තිබේ.

ld add copy

Connet With Us