අයහපත් කාලගුණය නිසා A/L විභාගය කල් යයි -නැවත ආරම්භය දෙසැම්බර් 4 වනදා Featured

Published in පුවත්
Thursday, 28 November 2024 11:46

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින තුනක් නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසා සිටියේ, ඒ අනුව 2024 උසස් පෙළ විභාගය දෙසැම්බර් 4 වන බදාදා දින නැවත ආරම්භ කරන බවය.

ඒ අනුව නොවැම්බර් 30, දෙසැම්බර් 2, සහ දෙසැම්බර් 3 වනදා යන දිනයන්හි දීද උසස් පෙළ විභාගය නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

රට තුළ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මීට පෙර 27, 28 හා 29 යන තෙදින උසස් පෙළ නොපැවැත්වීමට තීරණය කර තිබුණි.

මේ වනවිට අයහපත් කාලගුණ තත්ත්වය පහව යමින් තිබුණ ද බලපෑමට ලක්වූ සිසුන් වෙනුවෙන් මෙම තීරණය ගත් බව විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.

ඒ අනුව දෙසැම්බර් මස 4 වන දිනට කාලසටහනේ නියමිත විෂයන් ඒ අයුරින්ම ආරම්භ වන බව ද පැවසු විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් මෙසේ කියා සිටියේය.

"නොවැම්බර් 27 සිට දෙසැම්බර් 3 වන දා දක්වා අපි පවත්වන්නේ නෑ. එතකොට දින 6ක් විභාගය නෑ. එතකොට විභාගය නැවත පැවැත්වෙන්නේ දෙසැම්බර් මස 4 වෙනි බදාදා. ඒ එක්කම දෙසැම්බර් 4 වෙනිදා විභාගය පැවැත්වෙන්නේ එදිනට පැවැත්වීමට නියමිත විෂයන්. මේ වනවිට නිකුත් කර ඇති කාලසටහන අනුව දෙසැම්බර් 4 වෙනි බදාදා පැවැත්වීමට නියමිත විෂයන් තමා එදිනට පැවැත්වීමට කටයුතු කරන්නේ. විෂයන් වශයෙන් උදේ වරුවේ රසායන විද්‍යාව පළමු පත්‍රය තාක්ෂණවේදයේ පළමු පත්‍රය, නාට්‍ය හා රංග කලාව සඳහා සිංහල, දෙමළ හා ඉංග්‍රීසි පළමු පත්‍ර, සවස් වරුවේ දේශපාලන විද්‍යාව පළමු පත්‍රය තමයි 4 වෙනි බදාදා පැවැත්වෙන්නේ."

කල්දැමූ උසස්පෙළ විෂයන් නැවත පවත්වනු ලබන දින...

* නොවැම්බර් 27 වන බදාදා නොපැවැත්වූ විෂයන් දෙසැම්බර් 21 සෙනසුරාදා

* නොවැම්බර් 28 වන බ්‍රහස්පතින්දා නොපැවැත්වූ විෂයන් දෙසැම්බර් 23 සඳුදා

* නොවැම්බර් 29 වන සිකුරාදා නොපැවැත්වූ විෂයන් දෙසැම්බර් 27 සිකුරාදා

* නොවැම්බර් 30 වන සෙනසුරාදා නොපැවැත්වූ විෂයන් දෙසැම්බර් 28 සෙනසුරාදා

* දෙසැම්බර් 2 වන සඳුදා නොපැවැත්වූ විෂයන් දෙසැම්බර් 30 සඳුදා

* දෙසැම්බර් 3 වන අඟහරුවාදා නොපැවැත්වූ විෂයන් දෙසැම්බර් 31 අඟහරුවාදා

මේ අතර සාමාන්‍ය පොදු පරීක්ෂණය දෙසැම්බර් 7 වෙනි සෙනසුරාදා දින පැවැත් වෙන අතර එදිනට නව කාලසටහන වෙනස් වර්ණයකින් මුද්‍රණය කර ලබාදීමට කටයුතු කරන බව ද විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.

-p.m

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us