ට්‍රැක්ටර් අනතුරට විදුහල්පති සහ ගුරුවරයෙක් රිමාන්ඩ් භාරයට

Published in පුවත්
Friday, 29 November 2024 08:50

අම්පාර, කාර්තිව් ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් සැඩ පහරට හසුවීමෙන් සිසුන් 05 දෙනෙකු මියගොස් තවත් සිසුවෙකු අතුරුදන් වීමේ සිද්ධියට අදාළව නින්දවූර් මද්‍රසා පාසලේ විදුහල්පතිවරයා සහ ගුරුවරයෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මද්‍රසා පාසලේ විදුහල්පතිවරයා, එහි ගුරුවරයෙකු සහ අදාළ ට්‍රැක්ටර් රථයේ සහායකයින් දෙදෙනා පොලීසිය විසින් ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ අනුව ඔවුන් ඊයේ පස්වරුවේ සමන්තුරෙයි වැඩබලන මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මද්‍රසා පාසලේ විදුහල්පතිවරයා සහ ගුරුවරයා ලබන මස 2වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කර ඇත.

ට්‍රැක්ටර් රථයේ සහායකයින් දෙදෙනා ඇප මත මුදාහැර ඇති බව සඳහන් ය.

පසුගිය 26 වනදා පස්වරුවේ සිසුන් 11 දෙනෙකු ඇතුළු පිරිසක් ගමන් කරමින් සිටි ට්‍රැක්ටර් රථය සැඩ පහරට හසුවී පෙරළී ගොස් තිබු අතර එහිදී සිසුන් 6 දෙනෙකු, ට්‍රැක්ටර් රථයේ රියදුරු ඇතුළු පුද්ගලයින් 8දෙනෙකු දියේ ගිලී අතුරුදන්වී තිබුණි.

සිද්ධියෙන් මියගිය සිසුන් 5 දෙනෙකුගේ, ට්‍රැක්ටර් රථයේ රියදුරාගේ සහ එහි ගමන් කළ තවත් පුද්ගලයෙකුගේ මළසිරුරු මේ වනවිට සොයාගෙන ඇති අතර අතුරුදන් වූ අනෙක් සිසුවා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකය.

මාර්ගය අවදානම් බැවින් බස් රථය පවා ධාවනය කිරීම නතර කර තිබියදී හමුදාවේ උපදෙස් නොතකා, මුදලට මගීන් ප්‍රවාහනය කරන ට්‍රැක්ටර් රථයෙන් දරුවන් නිවෙස් වෙත රැගෙනයෑමට උපදෙස් ලබාදී ඇත්තේ විදුහල්පතිවරයා බව පොලිස් විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී තිබූ බව ඊයේ වාර්තා විය.

මේ අතර ට්‍රැක්ටර් රථයේ සහායක ලෙස සිටි පුද්ගලයෙක් අනතුර සිදුවූ අවස්ථාවේ බේරී පළාගොස් සිට ඇති බවත් අනාවරණ වුණි.

ඒ එම පුද්ගලයා කාරතිව් පොලීසියට ගොස් ඊයේ බාරවීමෙත් සමඟය.

-p.m

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us