අයහපත් කාලගුණයෙන් පිඩාවට පත් පුද්ගලයින් ගණන හාරලක්ෂය ඉක්මවයි - 12 ක් ජීවිතක්‍ෂයට

Published in පුවත්
Friday, 29 November 2024 08:59

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 24ක පවුල් 120,534කට අයත් පුද්ගලයින් හාරලක්ෂ 1,707 දෙදෙනෙකු බලපෑමට ලක්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ වනවිට පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තවත් එක් පුද්ගලයෙකු අතුරුදන්ව ඇති අතර 18 දෙනෙකු තුවාල ලබා තිබේ.

නිවාස 102ක් පුර්ණ හානියට ලක්වී ඇති අතර අර්ධ හානි වී ඇති නිවාස ගණන 1,952කි.

පවතින තත්ත්වය හේතුවෙන් පවුල් 28,324කට අයත් පුද්ගලයින් 94,134 දෙනෙකු ඥාති නිවාසවල සිටින අතර ආරක්ෂිත ස්ථාන 345ක පවුල් 11,663කට අයත් පුද්ගලයින් 36,303 දෙනෙකු රැඳීසිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් වැඩිම බලපෑමකට ලක්වී ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයට වන අතර පවුල් 43,631කට අයත් පුද්ගලයින් 149,491 දෙනෙකු බලපෑමට ලක්වී තිබේ.

මහවැලි ගඟ, හැඩඔය, දැදුරු ඔය සහ මුන්දෙණිආරු සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇගවීමේ නිවේදනය ඉදිරි පැය 48 දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසීය.

ඒ අනුව එම ගංගා ආශ්‍රිත පහත්බිම්වල වෙසෙන ජනතාව මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලෙන් පසුවිය යුතු අතර එම ප්‍රදේශ හරහා ගමන් කරන ජනතාවට ද සැලකිලිමත් වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ වාරිමාර්ග ඉංජිනේරු ජී.ඩබ්ලිව්.ඒ සකුරා දිල්තාරා මහත්මිය පැවසීය.

මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 09ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 70ක් සඳහා ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කළ නායයෑම් පිළිබඳව පුර්ව අනතුරු ඇගවීමේ නිවේදනය තවදුරටත් බලපැවැත්වෙයි.

අද පස්වරු 04 දක්වා බලපැවැත්වෙන පරිදි නිකුත් කර ඇති මෙම නිවේදනයෙන් මහනුවර, කෑගල්ල, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 25ක් සඳහා ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර තිබේ.

මහනුවර දිස්ත්‍රික්කය
මැදදුම්බර
උඩුදුම්බර
උඩුනුවර
දොළුව
පහතහේවාහැට
හාරිස්පත්තුව
පාතදුම්බර
යටිනුවර
දෙල්තොට
ගඟවටකොරළය
උඩපළාත

කෑගල්ල දිස්ත්‍රික්කය
අරණායක
මාවනැල්ල
යටියන්තොට

මාතලේ දිස්ත්‍රික්කය
උකුවෙල
අඹන්ගඟකෝරළය
නාවුල
විල්ගමුව
යටවත්ත
පල්ලෙපොල
මාතලේ
රත්තොට
ලග්ගල
පල්ලේගම

නුවරඑළිය දිස්ත්‍රික්කය
වලපනේ

මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්වු පුද්ගලයින්ට සහන සැලසීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ සාමාජිකයින් 3,183 දෙනෙකු යොදවා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

මේ සඳහා බෝට්ටු 239ක්, යුනිකෝන් රථ 111ක්, ටැක්ටර් රථ 40ක්, ට්‍රක් රථ 64ක් යොදවා ඇති බව ස සඳහන් ය.

ගුවන්යානා 06ක් සහ ඩ්‍රෝන යානා 08ක් ද යෙදවා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ අතර පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයේ අඩුවීමක් අද දිනයේ සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් හානියට පත් මාර්ග යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඉක්මනින් ගත හැකි ක්‍රියාමාර්ග සියල්ල මේ වනවිට ගෙන ඇති බව මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර මහතා පැවසීය.

-p.m

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

සංවාදයේ අඩුව: නූතන බැදීම්වල හිස් තැන්

සංවාදයේ අඩුව: නූතන බැදීම්වල හිස් තැන්

නූතන යුගයේ මානව සම්බන්ධතා තුළ ඇති වී ඇති විශාලතම අඩුපාඩුව නම් සංවාදයේ අඩුවයි. මිනිසුන් එකිනෙකා සමඟ ස...

Connet With Us