ඊයේ (27) දින පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේ දී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ දත්ත වාර්තාවලට අනුව මෙරට එච් අයි වී ආසාදිත රෝගින්ගේ වැඩිවීමක් දක්නට ලැබෙයි.

සියලුම වෛද්‍යවරුන් ඇතුළත් කර වෛද්‍යවරුන්ට පමණක් වෙන්වෙන ‘ශ්‍රී ලාංකික වෛද්‍ය සේවාවක්’ ස්ථාපිත කොට අනෙකුත් ප්‍රශ්නවලට වහා විසඳුම් ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන් අඛණ්ඩ වර්ජනයකට යාමට අදාළ අවසන් තීරණය අද (28 වැනිදා) ප්‍රකාශයට පත්කරන බව එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පැවැසීය.

“තමන්ගේ තැනක් ලස්සන ජීවිතයක්” යන තේමාව යටතේ ක්‍රියාත්මක 2026 ජාතික නිවාස වැඩසටහන අගමැති ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අද (28) ආරම්භ කිරීමට නියමිතයි.

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් අස්වැසුම පළමු අදියර සහ දෙවන අදියරට සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ගේ ජනවාරි මස දීමනාව මෙන්ම එම අදියර දෙකටම අදාල ජනවාරි මස වැඩිහිටි දීමනාව අද (28) දින එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කර තිබෙනවා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනුකර ඇති නඩුව අද (28) යළි කැඳවීමට නියමිතව තිබේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (28) දිනයේ වියළි කාලගුණික තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිට්වා සුළි කුණාටුවට ගොදුරු වීමෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ සත්ත්ව පාලනය යටතේ ඇති කළ සතුන් තුන්ලක්ෂ එකොළොස් දහස් අටසිය පහක (311805) සංඛ්‍යාවක් මරණයට පත්ව සිටින බැවින් ඒ සඳහා වන්දි වශයෙන් රුපියල් මිලියන 338 ක මුදලක් ගෙවිය යුතුව ඇති බව කුරුණෑගල දිස්ත්‍රික් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආර්.විජේසිංහ ප්‍රකාශ කළේය.

ld add copy

Connet With Us