බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (02) දිනයේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු නිවේදනයේ සදහන් වෙයි
"උරුමය" ජාතික වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් ඔප්පු ලබාගන්නා සියලුදෙනා කෘෂිකර්ම නවීකරණ වැඩසටහන සමඟ එක් වියයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
තමාට හිමි වූ වසර තුනක සිරදඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් අභියාචනයක් ඉදිරිපත් කර ඇත.
බදු මුදල් වලට, විදේශ ණය වලට මොකද වෙන්නේ කියලා ජනතාවට දැනගන්න පුළුවන් ක්‍රමයක් හදනවා - සාගල
තමන් ගෙවන බදු මුදල් සහ රජය විදේශයන් ගෙන් ලබා ගන්නා ණය වලට මොකද වෙන්නේ එයින් නියමාකාර සේවයක් වෙනවාද යන්න ජනතාවට දැනගන්න අවශ්‍ය ශක්තිමත් නීති රාමුව සකස් කරන බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නයක මහතා ඊයේ (30) මාතර පැවැති 'එක්වෙමු ජයගමු, අපි මාතර' ජන රැළියේදී අවධාරණය කළේය.
තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන පිහිටුවීමේ සතිය අද සිට
තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන පිහිටුවීමේ සතිය අද (01) සිට මේ මස 07 වැනි දින දක්වා ක්‍රියාත්මක වේ.
ආර්ථික වශයෙන් ස්ථාවර කිරීමට වත්මන් ජනපති ගත් උත්සාහය ගැන සෑහිමකට පත් විය හැකියි - සරත් අමුණුගම
බොරු කයිවාරුවලින් ඡන්ද දිනිය හැකි වුවත් රටක් පාලනය කළ නොහැකි බව හිටපු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම පවසා සිටියි.
සුදු තිරිවාණා නිධියක් නිසා නිවන් මඟ වැරදුනු භික්ෂුව ලක්ෂ 27ක් නැති කරගෙන
මහියංගණයේ ඇති සුදු තිරිවාණා ගල් නිධියක් කුලියට ගෙන චීන සමාගමකට බදුදෙන බව පවසා භික්ෂූවක නොමඟ යවමින් රුපියල් ලක්ෂ 27කට ආසන්න මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් භික්ෂූවකට සහ භෞත චිකිත්සකවරයකුට එරෙහිව ලද පැමිණිල්ලක් මත කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
විදෙස් සංචාරකයින් මිලියනයක් මෙරටට පැමිණිමේ ඉලක්කය සම්පූර්ණයි
මෙම වසර සඳහා විදෙස් සංචාරකයින් මිලියනයක් පැමිණිමේ ඉලක්කය 2024 ජුනි මාසයේ 29 වන දා වන විට සපුරාගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (