තමා ජනාධිපති තනතුරට පත්වූ පසු අලූතිත් පිහිටුවන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය නම් කරන්නේ තමා බව විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසා ඇත.

පොලිසිය ආයතනයක් ලෙස කෙතරම් දේශපාලනීකරණය වී ඇත් ද කියතොත් වර්තමානයේ එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් එක් අනුබද්ධ සංවිධානයක් නොඑසේ නම් ශාඛා සමිතියක් බවට පත්ව ඇතැයි එක්සත් ජාතික පක්ෂය පවසයි. 

සම්මාන ලාභි ඉන්දිය නිළි ස්වේතා බාසු ගණිකා වෘත්තියේ යෙදී සිටියදී අත් අඩංගුවට පත්ව ඇතැයි වාර්තා වෙයි.

කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේ 03 වැනි දිනය (04) අදයි. 

පසුගිය කාලයේ උතුරු නැගෙනහිර පැවති යුධ ගැටුම් හේතුවෙන් ආබාධිත තත්වයනට පත්ව සේවයෙන් විශ්‍රාම ගන්වන ලද යුධ හමුදා සාමාජිකයින්ට ද  තම සමකාලීනයනට සමගාමීව නිල උසස්වීම් ලබාදීමට ආරක්ෂක හමුදාව විසින් කටයුතු සූදානම් කර ඇති බව ඊයේ  ( 03)  කොළඹ මාධ්‍ය කේන්ද්‍රයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා අනාවරණය කර සිටියේය.

'රණවිරු රියැලටි ගී ප්‍රසංගයේ අවසන් හත් දෙනා අතර සිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර් තිළිණ චන්ද්‍රකුමාරට වටිනා මෝටර් රථයක් ලබාදීමට  ආරක්ෂක අමාත්‍යාංශය සහ යුද හමුදාව ඊයේ (03) කටයුතු කළේය.

 මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා මෙන්ම පක්ෂ සම්මේලනයටද එක්වන බවට සජිත් පේ‍්‍රමදාස මන්ත‍්‍රීවරයා තමන්ට දැනුම්දී ඇතැයි එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පැවසිය. 


වසරේ ජනතාවගේ ක්‍රීඩකයා නොකඩවා ලෙස තෙවැනිවරටත් කුමාර් සංගක්කාර සම්මාන හිමිකර ගැනිමින්ද, වසරේ ක්‍රීඩකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් සම්මාන ලබමින්ද ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මන රාත්‍රිය ඊයේ  (03දා) නිමාවට පත්විය. 

ld add copy

Latest News

Connet With Us