කැෆේ මැතිවරණ පැමිණිලි 1498යි

Published in පුවත්
Wednesday, 07 January 2015 14:31

2015 ජනවාරි 7 දින පෙරවරු 6 දක්වා කැෆේ සංවිධානය වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 1498 කි. එයින් 193 ක් ප්‍රචණ්ඩක්‍රියා වන අතර 1298 ක් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් වේ.

හාළි ඇල වෙඩි තැබීමක්

ජනවාරි 6 වන දින අළුයම 2 ට පමණ හාලි ඇළ ප්‍රදේශයේදී ඩිෆෙන්ඩර් රියකින් ආ පිරිසක් අහසට වෙඩි තබා එජාප පාක්ෂිකයකුට පහරදී ඔහුට අයත් ව්‍යාපාරික ගොඩනැගිල්ලට හානි කර තිබේ. මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ ඇටම්පිටිය වේල්ලවල පදිංචි ජේ එම් මුතුබණ්ඩාර නැමති ව්‍යාපාරිකයෙකි.

මෙහිදී ඔහුට අයත් හෝටලයකටද හානි කර ඇත.මෙම ප්‍රහාරයෙන් හෝටලය පිහිටි ගොඩනැගිල්ලට බරපතල හානි සිදුව තිබේ.

මෙම මැර පිරිස ඇටැම්පිටිය මාලිගාතැන්න ප්‍රදේශයේ එම් එම් වීරසිංහ මහතාගේ නිවසට ද අලාභ හානි සිදු කර තිබේ. එම් එම් වීරසිංහ මහතා ප්‍රබල එජාප ආධාරකරුවෙකි.එම නිවස අසල වැටී තිබියදී සොයාගත් ටී 56 ගිනි අවියක හිස් පතරොම් කොපු 3ක් ද ප්‍රදේශවාසීන් පොලිසියට බාර දී ඇත.

හොරණ මන්ත්‍රී ගේ මෝටර් රිය ගිණි තබයි

හොරණ ප්‍රාදේශීය සභා මන්ත්‍රී අජිත් නවගමුව (එජාප) මහතාගේ නිවසේ නවතා තිබූ වාහන දෙකක් අද අලුයම ගිනි තබා වනසා ඇතැයි පොලිසියට දැනුම් දී ඇත.

එක් වාහනයක් ඔහුගේ බවත් අනෙක මිතුරකුගේ බවත් දැනගන්නට ඇත.

බෙලි අ‍ත්තේ එජාප සංවිධායකගේ නිවසට වෙඩි

බෙලිඅත්ත එජාප සංවිධායක එස්.එච් කමල් මහතාගේ නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

‍බෙලිඅත්ත නගරයේ පිහිටි මෙම නිවසට රාත්‍රි 11.00 ට පමණ මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත.මෙම ප්‍රහාරයේදී කමල් මහතා ගේ ත්‍රිරෝද රියට හානි සිදුවී ඇති අතර ඔහුගේ නිවසේ තිබු අල්මාරියකටද හානි සිදුවී ඇත.(ඡායාරූප අමුණා ඇත)

ලංගම බස්වල තවමත් ප්‍රචාරක කටයුතු

දිවයින පුරා පිහිටි ශ්‍රිලංගම ඩිපෝ වලට අයත් බස්රථ විශාල ප්‍රමාණයක “සුභ අනාගතයක් “ යනුවෙන් සඳහන් කර ඇති බවට පැමිණිලි ලැබී තිබේ.

මැතිවරණ නීති උල්ලංඝණය කරමින් සිදුකර ඇති මෙම නීති විරෝධී ප්‍රචාරණ ද්‍රව්‍ය ඉවත් කිරීමට පොලිසිය හෝ වෙනත් වගකිවයුතු පාර්ශවයන් මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත .

බෙලිඅත්තේ හිමි නමකට තර්ජන

බෙලිඅත්ත දම්මුල්ල විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේට දකුණු පළාත් සභා මන්ත්‍රී එම් කේ කසුන් ඇතුළු පිරිසක් තර්ජනය කර තිබේ.

ජනවාරි 6 වන දින රාත්‍රි 8.00 ට පමණ තමන් වහන්සේ වැඩ වෙසෙන විහාරස්ථානයට කඩා වැදුන මෙම කණ්ඩායම දේශපාලන කටයුතු නතර කරන්නැයි බල කරමින් තර්ජනය කළ බව උන්වහන්සේ සඳහන් කළහ.

මෙම ස්වාමීන් වහන්සේ එජාප ක්‍රියාකාරිකයෙක් ලෙස කටයුතු කරන ස්වාමීන් වහන්සේ නමකි.

කුරුණෑගල එජාප ආධාරකරුවන්ගේ නිවෙස් 3 කට වෙඩි

කුරුණෑගල දිස්ත්‍රික්කයේ එජාප ආධාරකරුවන් තිදෙනෙකු ගේ නිවෙස් 3 කට වෙඩි ප්‍රහාර එල්ල වී තිබේ.

ජනවාරි 7 වන දින අළුයම 3.00 ට පමණ රද්දලාන වගුරුවල පිහිටි අනුර බණ්ඩාර මහතාගේ නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ. මෙම වෙඩිතැබීම සඳහා පිරිස පැමිණ ඇත්තේ PE 6657, JX 2918, 64- 8861, සහ 64 – 9961 දරණ වාහන වලින් බවට හඳුනා‍ගෙන තිබේ.

එදිනම අළුයම 3.50 ට පමණ හොරවටුන්නගම, වට්මන්න, නාරංගොඩ 7 වන පටුමගේ පිහිටි ඩබ්.එච් නිලාන් රංජිත් මහතාගේ නිවසට ද කිසියම් පිරිසක් වෙඩි තබා ඇත.

මීට අමතරව අද අළුයම වෙලපල්ල පදිංචි තවත් එජාප ආධාරකරුවෙක් වන සුසන්ත තිලකරත්න මහතාගේ නිවසට ද කිසියම් පිරිසක් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

නීති විරෝධි භාණ්ඩ බෙදා දීම්

මීට අමතරව ජනවාරි 6 වන දින ද දිවයින පුරා සෑම ප්‍රදේශයකම පාහේ එජනිස ජනාධිපති වරණ අපේක්ෂකයා ප්‍රවර්ධනය කෙරෙමින් නීති විරෝධී ලෙස ද්‍රව්‍ය බෙදාහැරීම් පිළිබඳව තොරතුරු වාර්තා විය.මේ අතර අභ්‍යාස පොත්, ඔරලෝසු, කුඩ, දිනපොත්, සහ වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීම් රැසක් වාර්තා විය.

 

කැෆේ මාධ්‍ය ඒකකය 2015 ජනවාරි මස 07 වැනිදා බදාදා

1489189 778082735579560 7132272447598422020 n

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us