ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජනාධිපතිවරණය මෙරට දේශපාලන ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් වනු ඇති බව ඉන්දියාව පවසයි.
මේ අතර ජනාධිපතිවරණය සඳහා ඡන්දය භාවිත කිරීමට අපේක්ෂා කරන පුද්ගලයින්ගේ ජන්ද අයිතිය සුරක්ෂිත කිරීමට මෙරට රජය පියවර ගනු ඇති බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය සඳහන් කරයි.
පක්ෂපාතී අයුරින් මාධ්‍ය හරහා විවිධ ප්‍රචාරයන් සිදු නොකිරීමට අපේක්ෂකයින් කටයුතු කළ යුතු බව ද එම සංවිධානය වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
මේ අතර south china Morning Post පුවත්පත සහ The Times Of India පුවත්පත් වාර්තා කර ඇත්තේ මෙවර ශි‍්‍ර ලංකාවේ පැවැත්වෙන මැතිවරණයෙන් මෛතී‍්‍රපාල සිරිසේන මහතා ජයග‍්‍රහණය කරන බවයි.ඒ අනුව මෙවර ජනාධිපතිවන්නේ මෛතී‍්‍රපාල සිරිසේන මහතා බව විදෙස් ජනමාධ්‍ය වල පවා පිළිගැනීම බවට පත්ව තිබෙන අාකාරය දැකගත හැකිය.
එම පුවත්පත් වලට පිවිසෙන්න පහතින්