අද කොහොමද ?

Published in පුවත්
Wednesday, 10 September 2025 07:29

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (10) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති විසින් ආරම්භ කර තිබෙන අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය වැඩවර්ජනයක් දක්වා දිගු කිරීමට සූදානම් වන බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබඳව එක්සත් රාජධානිය විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 60 වැනි සැසිවාරයට ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

අංශ භාග රෝග තත්ත්වයට වායු දූෂණය ප්‍රධාන අවදානම් සාධකයක් බවට පත්ව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ, වෘත්තීය සහ ප්‍රජා සෞඛ්‍ය ඒකකයේ විශේෂඥ වෛද්‍ය ඉනෝකා සුරවීර පැවැසුවාය.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව. 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

මෙරට සිදුවූ බව කියැවෙන මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා යෝජිත කවරාකාරයේ හෝ බාහිර මැදිහත්වීමක් හෝ යාන්ත්‍රණයක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරන බව විදේශ කටයුතු ,විදේශ රැකියා, සංචාරක අමාත්‍ය විජිත හේරත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ හමුවේ අවධාරණය කළේය.

අයිස් නිෂ්පාදනයට සම්බන්ධ අමුද්‍රව්‍ය කන්ටේනර් දෙකක් සොයා ගැනීම කුඩු ව්‍යාප්තිය මර්දනය කිරීමේ ක්‍රියාවලියේ ප්‍රගතියක් බවත්, මේ කරුණත් සමඟ ප්‍රශ්න සහගත කරුණු රැසක් හෙළිදරව් වන බැවින් මෙහි සත්‍යතාව රජය පැහැදිලි කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පවසනවා.

පිළිකා ප්‍රතිකාර සඳහා වැඩිදියුණු කරමින් තිබූ එන්නත සාර්ථක බවත් එය භාවිතයට සූදානම් බවත් රුසියාව පවසනවා.

ld add copy

Latest News

දෙවන බොරතෙල් නෞකාව අද දිවයිනට

දෙවන බොරතෙල් නෞකාව අද දිවයිනට

දෙවන බොරතෙල් නෞකාව අද (26) පස්වරුවේ මෙරටට ළඟා වීමට නියමිත බව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම පවසනවා...

Connet With Us