නුගේගොඩ පාසැල්වල දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවෙනවා - පොලිසිය

Published in පුවත්
Friday, 21 November 2025 10:04

උසස් පෙළ විභාගය පැවැත්වෙන අද(21) දිනයේ නුගේගොඩ ප්‍රදේශයේ විපක්ෂය විසින් රැලියක් සූදානම් කර ඇති බැවින් දරුවන්ට කිසිදු ගැටලුවක් ඇති නොවන ආකාරයට ඔවුන්ගේ ආරක්ෂාව තර කර ඇති බව පොලිසිය සඳහන් කරනවා.

එමෙන්ම උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට කිසිදු බාධාවක් ඇති වීමට ඉඩ නොදෙන බවත් පොලිසිය අවධාරණය කරනවා.

කෙසේවෙතත් පොලිසිය මෙම රැලියට අවසර ලබාදී ඇත්තේ ඉල්ලුම් කරන පරිශ්‍රයට පමණක් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කළ යුතුයි යන කොන්දෙසියට යටත්වයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය විසින් මෙම රැලියේ සංවිධායකයින්ට දැනුම් දී ඇත්තේ උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට කිසිදු බාධාවක් ඇති නොවන ලෙස රැලිය පැවැත්වීමට හා පෙලපාලි පැවැත්වෙන්නේ නම් විභාග මධ්‍යස්ථාන පවතින මාර්ග සහ පරිශ්‍ර භාවිතා නොකරන ලෙසයි.

එමෙන්ම විභාග කටයුතුවලට කිසිදු ආකාරයක බාධාවක් ඇතිනොවන පරිදි කටයුතු කරන ලෙසත් රැලියේ සංවිධායකයින්ට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය විසින් දැනුම් දී තිබෙනවා

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us