2025 වර්ෂයේ සිට පාසල්වල 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම (5 සහ 6 ශ්‍රේණි හැර) සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 27/2025 චක්‍රලේඛය නිකුත් කර ඇත.

එම චක්‍රලේඛය ප්‍රකාරව 2025 අධ්‍යයන වර්ෂයේ ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවල පවතින පුරප්පාඩු සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම සිදු කරනු ලබන බව සඳහන් වේ.

ඒ අනුව, 2025.06.30 දිනට ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවල පවත්නා පුරප්පාඩු මේ සමග අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කෙරේ.

එම පුරප්පාඩු සඳහා අයදුම් කිරීමට අපේක්ෂා කරන සියලු ම අයදුම්කරුවන් 27/2025 චක්‍රලේඛයෙහි සඳහන් අයදුම්පත්‍රය සම්පූර්ණ කර 2025.09.26 දිනට පෙර සියලු අතිරේක ලේඛන ද සමග අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත ලියාපදිංචි තැපෑල මඟින් යොමු කළ යුතුය

අදත් වැස්ස

Published in පුවත්
Friday, 12 September 2025 07:09

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (12) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.

සියලුම දුර ගමන් බස් රථ සහ මගී ප්‍රවාහනයට යොදා ගන්නා වාහන ධාවන ඇරඹීමට පැය 48කට පෙර මූලික තත්ත්ව පරික්ෂණයක් කිරීම අනිවාර්ය කිරීමට තීරණයකර තිබෙනවා.

බේරේ ගඳට හෝටල් වැසේ ?

Published in පුවත්
Thursday, 11 September 2025 15:14

බේරේ වැවෙන් හමා එන දැඩි දුර්ගන්ධය හේතුවෙන් වැව ආසන්නයේ හෝටල් ආදිය පවත්වාගෙන යාම දැඩි අර්බුදකාරීයක් බවට පත්ව ඇතැයි වැව දෙපස පදිංචිකරුවෝ කියා සිටිති.

හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද සිය නිල නිවසින් නික්ම යෑමට සුදානම් බව වාර්තා වේ.

කොළඹ නිල නිවසෙන් නික්මෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සමුදීමට චීන තානාපතිවරයා ද පැමිණ තිබේ.

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 12 කණුව ආසන්නයේ දී අඩි දහසක් පමණ ප්‍රපාතයකට පෙරළී සිදුවූ බස් අනතුරින් මරණයට පත් අයට පිං අනුමෝදන් කර තුවාල ලැබූවන්ට ඉක්මනින් සුවය පතා පිරිත් දෙසුමක් අනතුර සිදුවූ ස්ථානයේදී ඊයේ (10) රාත්‍රී සිදුකෙරණා.

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් 2025 සැප්තැම්බර් මසට අදාළ අස්වැසුම ප්‍රතිලාභී දීමනාව හෙට ( 12) අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ගිණුම් වෙත බැර කිරීමට නියමිතයි.

ld add copy

Latest News

දෙවන බොරතෙල් නෞකාව අද දිවයිනට

දෙවන බොරතෙල් නෞකාව අද දිවයිනට

දෙවන බොරතෙල් නෞකාව අද (26) පස්වරුවේ මෙරටට ළඟා වීමට නියමිත බව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම පවසනවා...

Connet With Us