මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව සියලු උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම අද (11) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසා සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී සීතා කුමාරි අරඹේපොල මහත්මිය සෞඛ්‍ය සහ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරය සඳහා පත් කර තිබේ. ඒ එතුමිය දැරූ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ධූරයට අමතරවය
අනුරගේ විවාද අභියෝගය රනිල් පිළිගනී..! IMF එකත් කැඳවයි. සජිත්ටත් එන්න පුළුවන්
සජීවී විවාදයක් සඳහා ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්‍ෂක අනුර දිසානායක මහතා කළ ආරාධනාව සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන තමන් ඉදිරිපත් කළ පැනයට කලින් පිළිතුරු ලබාදෙන ලෙසයි.
ගෙවී ගිය අසීරුම කාලයේ පැවති ආර්ථික අභියෝගය හමුවේ ජනතාවට අවශ්‍ය ආහාර,ඖෂධ, ඉන්ධන සහ අනෙකුත් අවශ්‍යතා සපුරාලමින් ඔවුන් ජීවත් කරවීමේ වගකීම ඉටු කිරීම නිසා අද බහුතර ජනතාවගේ උපහාරය තමා වෙත හිමිව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
කිරිඇල්ලගේ දුවට තැනක් දෙන්න, වසන්ත යාපාව පන්නයි.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සිට සමගි ජන සන්ධානයට එක්වූ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපා බණ්ඩාර මහතාට ඉදිරියේ පැවැත්වෙන මහමැතිවරණයකදී මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට අවස්ථාවක් ලබා දීමට හැකියාවක් නැතැයි සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කළ ප්‍රකාශයත් සමඟ දෙදෙනා අතර ඇති වූ විරසකය මේ වන විට උග්‍ර අතට පත් වෙමින් තිබේ.
මුහුදුබඩ මාර්ගයේ කොළඹ කොටුව දෙසට ධාවනය වන දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
IMF කොන්දෙසි කඩ කිරීමෙන් වෙන දේ ගැන රනිල් කියයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දෙසි කඩ කිරීමෙන් යළිත් වරක් රටතුළ උද්දමනය ඉහළ යාම බව ස්වාධීන ජනාධිපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ පවසා තිබේ.
මෙවර ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද භාවිත කිරීම සඳහා අද (11) සහ හෙට (12) හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.