අද අලුයම වනවිට වාර්තා වූ වැඩිම වර්ෂාපතනය වවුනියාවෙන්

Published in පුවත්
Friday, 28 November 2025 08:33

 දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමග අද (28) අලුයම වනවිට වාර්තා වූ වැඩිම වර්ෂාපතනය වවුනියාව දිස්ත්‍රික්කයේ වෙඩිකුලම් ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.

එහි අගය මි.මී. 315ක් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

ඊයේ (27) පෙ.ව. 8.30 සිට අද (28) අලුයම 4.30 දක්වා වූ කාලය තුළ වාර්තා වූ වර්ෂාපන අගයන් සැලකිල්ලට ගෙන මෙම තොරතුරු ඉදිරිපත් කර ඇත.

එහි දැක්වෙන පරිදි මුලතිව් දිස්ත්‍රික්කයේ අලපිල්ලි ප්‍රදේශයෙන් මි.මී. 305ක අගයක් වාර්තා වී තිබේ.

එමෙන්ම තෙවන ඉහළම වර්ෂාපතනය මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවරින් වාර්තා වී ඇති අතර, එහි අගය මී.මී. 223.9ක් ලෙස සටහන් වී ඇත.

ඒ අනුව දිවයිනේ පවතින තද වැසි සහ තද සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර, උතුරු, උතුරු-මැද, මධ්‍යම, වයඹ, සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 200ට වැඩි ඉතා තද වැසි සහ ත්‍රිකුණාමලය, බදුල්ල, මඩකලපුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 150 ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකිය.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පැ.කි.මී. 60-70 දක්වා වන ඉතා තද සුළං සමග විටින් විට පැ.කි.මී. 80-90 දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැක.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us