අයහපත් කාලගුණයෙන් සියලු දුම්රිය ධාවනයන්ට බාධා

Published in පුවත්
Thursday, 27 November 2025 08:26

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සියලු දුම්රිය ධාවනයන් සඳහා බාධා එල්ල වී ඇති බව දැනුම් දී ඇත.

මුහුදුබඩ දුම්රිය මාර්ගයට සහ කැලණිවැලි දුම්රිය මාර්ගයට ගස් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගවල දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව සඳහන් වේ.

එමෙන්ම උතුරු දුම්රිය මාර්ගය වැල්ලව ප්‍රදේශයෙන් ජලයෙන් යටවී තිබීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට ද බාධා එල්ල වී ඇති අතර පුත්තලම මාර්ගයේ දුම්රිය මාර්ගයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එමෙන්ම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව - බදුල්ල අතර ධාවනය වන සියලු දුම්රිය නැවත දැනුම්දෙන තුරු නානුඔය දක්වා පමණක් ධාවනය කරවීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us