ජනාධිපතිවරණය දා රාත්‍රියේ රාජපක්ෂ ආණ්ඩුව බලය ඩැහැගැනීමේ කුමන්ත්‍රණය සඳහා ගජබා රෙජිමේන්තුවේ බළඇණි 07ක් යොදවා තිබුණු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා පවසයි.

රාජ්‍ය අංශයේ සේවක වැටුප් වැඩිවීමට සාපේක්ෂව පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීම ඇතුළු ඉල්ලීම් 3 ක් ලබාදෙන ලෙසට අන්තර් සමාගම් සේවක සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි.

පෙබරවාරි 04 වැනිදාට යෙදෙන ජාතික නිදහස්‌ දින උත්සවය කෝට්‌ටේ පාර්ලිමේන්තු ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට රජය තීරණය කර ඇත.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හා එවකට විපක්ෂයෙ පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතා අතර වූ රට බෙදන ගිවිසුමක් බව හඟවා ව්‍යාජ ලේඛනයක් මාධ්‍යට ඉදිරිපත් කර පුරවැසියන් නොමඟ යැවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තමේන්තුව පරීක්ෂණ පවත්වාගෙන යයි.

ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සිදුකළේ කවුද? එය සිදුකළේ කෙසේද යන්න පිළිබඳ සියලු තොරතුරු මේ වන විට තමන් සතුව ඇති බවත් එම ඝාතන සිද්ධිය පිළිබඳ විමර්ශන කටයුතු යළි මුලසිට ආරම්භ කරන බවත් සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (21)පැවසීය.

 

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා කැබිනට් ප්‍රකාශක වශයෙන් පත්කොට තිබේ.

වහාම ක්‍රියාත්මක වන පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිළ අඩු කිරීමට රජය තීරනය කර තිබේ .

දෙශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ධුරය හොබවන වසන්ති මංචනායක මහත්මිය මුදල් ඇමැති රවී කරුණානායකගේ පිහිටෙන් මෛත්‍රීපාලයට ඔබින ලෙස කටයුතු කරන්නට පටන් ගෙන ඇති බව වාර්තාවේ.

ld add copy

Latest News

දෙවන පාසල් වාරය අදින් ඇරඹේ

දෙවන පාසල් වාරය අදින් ඇරඹේ

2026 වර්ෂයේ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික, සිංහල හා දෙමළ පාසල්වල දෙවන පාසල් වාරය අදින් (20) ආරම්භ වේ.

Connet With Us