ශිෂ්‍ය සටන් මර්දනයට ආණ්ඩුව කැස කවයි(ඡායාරූප)

Published in පුවත්
Friday, 20 February 2015 12:42

විවෘත විශ්ව විද්‍යාලයීය සිසුන් විසින් සිය ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් පවත්වාගෙන යන සත්‍යග්‍රහය කඩාකප්පල් කිරීම සඳහා ඊයේ දිනයේදී පොලීසිය උත්සහ කළ බව එම සිසුන් පවසති.

විවෘත විශ්වවිද්‍යාලයේ සිසුන්ගෙන් අය කරන වාරික ගාස්තුව ඉහළ යාම ඇතුලූ ගැටළු කිහිපයක් මුල් කරගනිමින් පසුගිය දෙසැම්බර් 17 වැනිදා විවෘත විශ්වවිද්‍යාලයේ සිසුන් සත්‍යග‍්‍රහයක් ආරම්භ කළේය. මේ වන විට එම සත්‍යග‍්‍රහය ආරම්භ කර මාස දෙකකට ආසන්න කාලයක් ගත වේ.

ඊයේ (19) දින විවෘත විශ්වවිද්‍යාලයීය සිසුන්හට පරිපාලනයෙන් දැනුම් ඇත්තේ රාත්‍රී 7ට පසු විශ්වවිද්‍යාල භූමිය තුළ රැදී නොසිටින ලෙසය.

විශ්ව විද්‍යාල භූමිය තුළ රැදී සිටීමට මෙසේ තහංචි පනවා ඇත්තේ ශිෂ්‍යයින් සත්‍යග්‍රහයට සහාය දීම වැළැක්වීමේ අරමුණින් බව ශිෂ්‍යයින්ගේ අදහසයි.

සිසුන් රාත්‍රී 10 වන තුරුත් විශ්වවිද්‍යාල භූමියත තුළ රැදී සිටින බව පවසමින් පොළිස් නිලධාරීන් පිරිසක් පැමිණ මෙය නීති විරෝධී ක්‍රියාවක් බව පවසා ශිෂ්‍යයන් ඉවත් කිරීමට උත්සාහ දරා ඇත.නමුත් මෙම ක්‍රියාවට ශිෂ්‍යයන් දැඩි විරෝධය පළ කළ බැවින් පොළීසියට පසු බසින්නට සිදුවූ බව වාර්තාවේ.

රාත්‍රිකාලයේත් ශිෂ්‍යයන් විශ්වවිද්‍යාල භූමිය තුළ රැදී සිටිමින් විශ්වවිද්‍යාල කටයුතු වල නිරත වන බවත් ,අඛණ්ඩ සත්‍යග්‍රහයට බාධා පමුණුවනවා වෙනුවට වගකිය යුත්තන් සිදු කළ යුත්තේ ශිෂ්‍ය ගැටලු විසදීම බවත් සත්‍යග්‍රහයේ නිරත ශිෂ්‍යයෙක් සදහන් කර සිටියේය. මෙවන් ක්‍රියා ඔස්සේ සිදුවන්නේ ශිෂ්‍ය මර්දනයට උත්සාහ දැරීමක් බවත් අසාධාරණ ලෙස ඉහල දැමූ ගාස්තු ඇතුලු සියලුම ගැටලුවලට නිසි පිලිතුරු ලැබෙන තුරු අරගලය අඛණ්ඩව දියත් කරන බව ඔහු පැවසුවේය.

මෙම අඛණ්ඩ සත්‍යග්‍රහයට අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය මෙන්ම සමස්ථ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේම සිසුන් සහය පලකර අැත.

1

2

20150219 221803

20150219 225608

20150219 225613

20150219 231701

 

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us