ඉහළ පෙළේ දේශපාලකයන් 61 අල්ලස් දැලේ

Published in පුවත්
Friday, 20 February 2015 14:05

දූෂණ හා අල්ලස් චෝදනා එල්ලවූ ඉහළ පෙලේ දේශපාලකයන් 61 දෙනෙකු ගැන පැමිණිළි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ලැබී තිබෙන බව එම කොමිසාරිස් දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මිය සඳහන් කරයි.

ඒ අතර කැබිනට් ඇමැතිවරු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද වන බවත් මේවන විට එම පැමිණිලි විභාග කිරීම ආරම්බ කර ඇති බවත් ඇය සඳහන් කරයි.


තමන් වැඩභාරගත් පසු හමුවූ අල්ලස්‌ පැමිණිලිවලට අදාළ ෆයිල් 1600 ක්‌ සම්බන්ධයෙන් මේ වන විට පරීක්‍ෂණ සිදුකරන බව අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්‍ෂ ජනරාල් ජනාධිපති නීතිඥ ඩිල්රුක්‌ෂි ඩයස්‌ වික්‍රමසිංහ මහත්මිය පැවසුවාය.

ඇය එසේ පැවසුවේ අල්ලස්‌ කොමිසමේ ශ්‍රවනාගාරයේ ඊයේ (19 වැනිදා) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.

අදාළ ෆයිල් 1600 යෙන් 423 ක්‌ ඉදිරි කටයුතු කරන්න නීති අංශයට යොමු කළ බවත් තවත් පැමිණිලිවලට අදාළ ෆයිල් 525 බැලීමට ඇති බවත් වසා ඇති ෆයිල් පිළිබදවත් සොයා බලන බව ඇය පැවසුවාය. නීති අංශයට යොමු කරපු පැමිණිලි 423 අතරේ පැමිණිලි 3 ක්‌ බොරු පැමිණිලි බවත් ඒ අයට එරෙහිව අධිකරණයේ නඩු පවරා වරදකරුවන් වුවහොත් අවුරුදු 10 ක්‌ හිරේ යැවිය හැකි අතර ලක්‍ෂ 2 ක දඩයක්‌ද නියම වන බව ඇය පැවසුවාය.

2015 ජනවාරි 01 වැනිදා සිට මේ දක්‌වා කාලය තුළ අල්ලස්‌ පැමිණිලි 521 ක්‌ ලැබී ඇති බවත් එයින් පැමිණිලි 234 ක්‌ අදාළ නොවන පැමිණිලි එනම් ඉඩම් නඩු, ස්‌ත්‍රී දූෂණ නඩු බවත් ඒවා අල්ලස්‌ කොමිසමට අදාළ නොවන බැවින් ඉවත් කළ බවත් ඇය පැවසුවාය.

මේ වනවිට අල්ලස්‌ කොමිසමේ විමර්ශන අංශයෙන් නඩු 2250 ක්‌ විමර්ශනය කෙරෙමින් පවතින අතර පසුගිය කාලයේ මහත් ආන්දෝලනයට තුඩුදුන් ප්‍රබල දේශපාලනඥයින්ට එරෙහිව ඇති අල්ලස්‌ චෝදනාවලට අදාළ නඩු ‍‍‍‍‍ විමර්ශනය ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ද නතර නොවූ බවත් මම හැමවිටම ස්‌වාධීන අයුරින් විනිවිදභාවයකින් යුතුව කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා යනුවෙන් ඇය සදහන් කළාය.

ඇය වැඩිදුරටත් මෙසේ ද පැවසුවාය

'' 2014 වර්ෂය තුළදී අල්ලස්‌ සම්බන්ධ වැටලීම් 72 ක්‌ සිදුකර තිබෙනවා. එයින් 35 ක්‌ම සාර්ථක වැටලීම්. තවත් 36 ක්‌ අසාර්ථක වැටලීම්. මේ සාර්ථක වැටලීම්වලින් සැකකරුවන් 38 දෙනෙක්‌ අත්අඩංගුවට ගත්තා. ඒ නිලධාරීන් කව්ද කියලා කියන්න බැහැ.

ඒ වගේම මේ අවුරුද්දේ ළමුන් පළමු ශ්‍රේණියට ඇතුළත් කරගැනීමට අල්ලස්‌ ගත් බව කියන විදුහල්පතිවරුන් 31 දෙනෙකුට එරෙහිව මේ කොමිසමට පැමිණිලි ලැබී තිබෙනවා. ඒ වගේම ගල්කිස්‌ස ප්‍රදේශයේ විදුහල්පතිවරයෙක්‌ දරුවකු පාසලට ඇතුළත් කරගැනීමට අල්ලස්‌ ගනිද්දී අපේ නිලධාරීන් අත්අඩංගුවට අරන් තිබෙනවා.

ඒ වගේම මේ අල්ලස්‌ කොමිසමේ නිලධාරීන් දූෂණ හා අක්‍රමිකතා කටයුතු කරනවා නම් ඒ ගැන මට දැනුම් දෙන්න. ඒ නිලධාරීන් ගැන කියන්න මම අද ඉඳලා දුරකථන අංකයක්‌ විවෘත කරනවා. ඒ 0776-011954 ඒ තොරතුරු ගැන සොයා බලා එය සත්‍ය නම් ඒ නිලධාරීන්ගේ තරාතිරම නොබලා කටයුතු කරනවා.

ඒ වගේම මේ දිනවල විවිධ දේශපාලන පක්‍ෂවලින් කරන අල්ලස්‌ පැමිණිලි සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන කටයුතු අරඹනවා. මොකද ඒවාට කාලය අවශ්‍යයි. මම ආවා විතරනේ. ඒ නිසා මට ටිකක්‌ කල්දෙන්න. මේවා ආවාට ගියාට විමර්ශනය කරන්න බැහැ. හොඳට හොයලා බලලා තමයි මේ දේ කරන්න වෙන්නේ.''

මෙම අවස්‌ථාවට අල්ලස්‌ කොමිසමේ විමර්ශන අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී සෝමවීර ලොකුගේ මහතාද සහභාගී විය.

 

 

Last modified on Friday, 20 February 2015 14:08

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us