රත්නපුර - රක්වාන - දෙල්වින් වත්තේ 16 හැවිරිදි දැරියක් අපයෝජනයට ලක්කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු, කලවාන ප‍්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසිය.

ජනප්‍රිය ගායක වින්සන්ට් ද පෝල් මහතා කොළඹ ජාතික රෝහලේදි ඊයේ රාත‍්‍රීයේ අභාවප‍්‍රාප්ත විය.

ජනපති සම්බන්ධීකරණ ලේකම්වරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් වෙන වෙනම සඳහන් කරන ලෙස අනුර කුමාර දිසානායක මහතා ඊයේ (22) පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් කල ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් නොලැබිණ. ආණ්‌ඩු පක්‌ෂයේ ප්‍රධාන සංවිධායක, ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ සාමාන්‍ය පෙළ සිට ආචාර්ය උපාධිය දක්වා වූ පුද්ගලයින් ජනපති සම්බන්ධීකරණ ලේකම්වරුන් ලෙස කටයුතු කරන බවයි.

eyes-headඇස් අදහස් ප්‍රකාශ කිරීමට හැකි ප්‍රබල මාධ්‍යකි.දීප්තිමත් නෙත් සගලකින් යුවතියන්ගේ මුහුණට ලැබෙන්නේ උතුරා යන සුන්දරත්වයකි.

ත‍්‍රීකුණාමලය, තිස්ස නාවික කඳවුරේ පිහිටි සිව්මහල් ගොඩනැගිල්ලකින් වැටී නාවික හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

වයස අවුරුදු 05හා 06පසුවන දියණිවරු දෙදෙනා පැහැර ගෙන ගොස් මරා දැමීමට තමන්ට රුපියල් ලක්‍ෂ 03ක කොන්ත‍්‍රාත්තුවක් ලැබී ඇති බවත් එම කොන්ත‍්‍රාත්තුව ඉටු නොකර සිටීමට තමාට ලක්‍ෂ 03මුදලක් දෙන ලෙසට මෙරට ප‍්‍රමුඛ පෙලේ ජංගම දුරකථන සමාගමක ඉංජිනේරුවරයෙකුට තර්ජනය කරමින් කප්පම් මුදලක් ලබා ගැනීමට උත්සහ දැරූ පුද්ගලයෙකු සහ ඔහුට ඒ සඳහා සහය දැක්වූ කාන්තාවක් සමග පොලිස් මූලස්ථාන සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ලංකා කම්කරු කොංග‍්‍රසයේ මහ ලේකම් අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතාගේ උපදෙස් පරිදි, එම පක්ෂයේ සාමාජිකයන් රත්නපුර, රක්වාන ප‍්‍රදේශයේ පාසැල් දැරියක දුෂණයට ලක් කළ සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් අද (22) උදෑසන සිට ප‍්‍රධාන නගරවල මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණ ව්‍යාපාර ආරම්භකර ඇත.

බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා විසින් පහරදුන් බව කියන පුද්ගලයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.

 

ld add copy

Latest News

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

ඡන්දය ගණන්කිරීම සිදුවන අවස්ථාවේදී ටෙලිවිෂන් හෝ විශාල තිර යොදාගෙන පාරවල් අසල එක්රැස් වී වැඩසටහන් නැරඹ...

ක්‍රීඩා

Connet With Us