සුදු වෙන්න ක්‍රීම් ගානවද?

Published in Gossip
Monday, 23 February 2015 17:36

“ඔයා අද හරිම ලස්සනයි” මේ විදිහට අහන්න අපි කවුරුත් කැමැතියි. ලස්සන වෙන්න කවුද අකැමැති. ලස්සන ගැන තැවෙන බොහෝ යුවතියන් කාන්තාවන් වගේම පිරිමින් පවා අද සමාජයේ සිටිනවා. ලස්සන වෙන්න උත්සාහ කරන ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නෙ ලස්සන වෙන්න නම් සුදු වෙන්න ඕන කියලා. මේ නිසාම අපි හැමෝම උත්සාහ කරන්නෙ කොහොම හරි සුදු වෙන්න.

ඒත් උපතින්ම තමන්ට ලැබුණු සමේ පැහැය ඉතාමත් කෙටි කලකදී වෙනස් කළ හැකි ද? එසේ කළ හැකිනම් එය සමට හිතකර ද? මෙය අද බොහෝ දෙනෙකුට පවතින ගැටළුවක්. ඒ සඳහා භාවිත කරන සම සුදු වීමේ ආලේපන පිළිබඳව දෙවරක් නොව තුන් වරක් සිතා බැලිය යුතුයි.

අනිත් කරණය ඇයි අපිට සුදු වෙන්න ඕන වෙන්නෙ කියලා හිතල බැලුවද. අපි දන්නා විදියට සුදු සමක් සහිත බොහෝ විදේශිකයින් තමන්ගෙ සම කළු කර ගැනීමට උත්සහ කරනවා. එත අපිට ඕන සුදු වෙන්න. ඇත්තටම මේක ගැටළුවක් නෙමේද?

මේකට හේතු කීපයක් තිබෙනවා. රූපලාවන්‍ය නිෂ්පාදන වෙළඳපොළ කියන්නේ ලෝකේ ඉතා සරුවට කෙරෙන ව්‍යාපාරයක්. ඒ නිෂ්පාදන වලට පාරිභෝගිකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා ඔවුන් විවිධ විදියේ උපක්‍රම යොදනවා. ඔවුන් අපි නොදැනුවත්වම අපේ මනසට ඇතුළු කොට තිබෙන්නේ ලස්සන වීමට නම් සුදු විය යුතු බවයි. මෙහි සැබෑ තත්ත්වය මීට හාත්පසින්ම වෙනස්. ප්‍රමිතියකින් තොර මෙවැනි ආලේපන නිසා සිදුවන හානි බොහෝයි.

මෙන්න අනිසි ප්‍රතිඵල

* වකුගඩුවලට හානි විම

* මධ්‍ය ස්නායු පද්ධතියට බලපෑම් ඇතිවිම

* ශරිරය වෙව්ලිම

* මතකය අඩුවිම

* අසාත්මිකතා ඇතිවිම

යුවතියක් මංගල දිනයට පෙර සති කීපය තුළ සම්පූර්ණයෙන්ම රූපලාවන්‍ය ශිල්පීයාගේ අණසකට යටත් වෙනවා. ඉතා කෙටි කාලයක් තුළ මනාලියව සූදානම් කරන රුපලාවන්‍ය ශිල්පින් ඉතා වේගයෙන් මනාලියගේ මුහුණත් සුදු කිරිමට විශේෂ සත්කාර යොදා ගන්නවා.

ඉතා කඩිමුඩියේ මෙලනොසයිට් වර්ණකය අවහිර කරමින් සම සුදු කිරීමට දරන මේ ක්‍රියාවලියේ විශාල අවදානමක් තිබෙනවා.මෙහිදී භාවිතා කරන ක්‍රීම් විශේෂයෙන්ම සම සුදුකරන ක්‍රීම්වල රසදිය විශාල ප්‍රමාණයක් අඩංගු නිසා ඒවා සම මත තැවරීමෙන් ආසනික් ශරිරගත වෙනවා.

මෙවැනි විශේෂ අවස්ථාවක දි රූපලාවන්‍ය ශිල්පින්ගෙන් ඒ ගැන ප්‍රශ්න කිරීම කළ යුතුමයි. මේ ආලේපනවල අන්තර්ගතය එහි ලේබලයේ තිබෙනවාද කියා බලන්න. කියවීමට බැරි භාෂාවකින් නම් එය තිබෙන්නේ, එවැනි නිෂ්පාදනයක් ප්‍රතික්ෂේප කිරීම වඩා සුදුසුයි.

රසදිය හැඳින්වීමට යොදන විවිධ නම්

*කැලෝමල්

*මර්කියුරික්

*මර්කියුරික් සල්ෆයිඩ් (එය වර්මිලියන් ලෙසද සඳහන් කොට ඇත.)

*මර්කියුරස් ක්ලෝරයිඩ්

*මර්කියුරියෝ

අවදානම් තත්ත්ව

මෙවැනි බොහෝ ආලේපනවල මේ පිළිබඳ තොරතුරු සඳහන් කර නැති අතර බොහොමයක් ආලේපනවල ඒ පිළිබඳ තොරතුරු දක්වා ඇත්තේ වෙනත් බසකිනි. කෙසේ වෙතත් ඔබත් මිලදී ගන්නා ෆෙයානස් ක්‍රීම්වල මෙවැනි නම් වලින් එකක් හෝ සඳහන් නම් එහි අර්ථය එහි රසදිය අඩංගු බවයි. එබැවින් ඔබ එය මිලදී ගැනීමෙන් වැළකිය යුතුය.

සංකූලතා

රුව ආලේපනවල අන්තර්ගත රසදිය සමට අවශෝෂණය වීමෙන් පුද්ගලයකු විවිධාකාර අසාත්මිකතාවලට ගොදුරුවිය හැකියි. එයින් සමට ඕනෑම විදිහකින් හානියක් විය හැකියි. මධ්‍ය ස්නායු පද්ධතියට විවිධ බලපෑම් ඇතිවිය හැකියි. පමණ ඉක්මවා රසදියට සම නිරාවරණය වීමෙන් ශරීරය වෙව්ලීම, මතකය අඩුවීම විය හැකියි. සමේ ප්‍රදාහයන් ඇතිවිය හැකියි.

වකුගඩුවල ක්‍රියාකාරීත්වයට බලපෑමෙන් විවිධ හානිකර තත්ත්ව ඇතිවිය හැකියි. මෙලෙස රසදිය අඩංගු වන්නේ ෆෙයානස් ක්‍රීම්වල පමණක් නෙවෙයි. ඒවා සබන්වල මෙන්ම විවිධ ඔයින්ට්මන්ට් (ආලේපන) වර්ගවලද අන්තර්ගත කර තිබෙනවා.

ඇමරිකාව වැනි රටවල නම් උපදෙස්දී තිබෙන්නේ අවශ්‍යම නම් පමණක් ඇස්වටා කළුවීම වැළැක්වීම සඳහා ගෑමට පමණයි. එයද අනුමත ප්‍රමාණයකින් ඇත්නම් පමණි. ශ්‍රී ලංකාවේත් රසදිය භාවිතයට සීමා තිබෙනවා. ඒ අනුව අපේ රටේ වෙළඳපලට නිකුත් කෙරෙන ෆෙයානස් ක්‍රීම් වර්ග වලට රසදිය එකතු කිරීමට නීතියෙන් අවසරයක් නැහැ.

Leave a comment

worky

worky1

ld add copy

Connet With Us