මීගමුව රෝහලට ප‍්‍රතිකාර ගැනීමට පැමිණි ඇඟළුම් සේවිකාවක දූෂණය කර එහි 06 වැනි මහලෙන් බිමට තල්ලූකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි සැකකාර වෛද්‍යවරයාට මීගමුව මහාධිකරණය අද (03) මරණ දඬුවම නියම කළේය.

දරුවන්ගේ ආහාර පාන සඳහා වන වෙළඳ දැන්වීම්වලට පෙනී නොසිටින ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නළු නිළියන්ගෙන් හා ක්‍රිඩකයින්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

අධික නියඟය නිසා පීඩා විදින යාල ජාතික වනෝද්‍යානයයේ  සතුන්ට බීමට ජලය හා කෑමට පළතුරු වර්ග රැගෙන ලංකාවේ විවිධ ප්‍රදේශයන්හි ජනතාව මේ දිනවල  සිතුල්පව්ව  පුද බිම් පැත්තට පැමිණෙති.

පසුගියදා රූපලාවන්‍ය එන්නතක් ලබා දීම හේතුවෙන් වෛද්‍යවරියක මිය යාමේ සිද්ධියේ සැකකාර බම්බලපිටියේ කොස්මෙටික් සර්ජරි රූපලාවන්‍ය මධ්‍යස්ථානයේ හිමිකරු වෛද්‍ය නිමල් ගමගේ මහතා ඇප මත නිදහස් කර තිබේ.

රටේ සර්ව සාධාරණ මැතිවරණයක් පැවැත්වීම මැතිවරණ කොමසාරිස්වරයාගේ කාර්යය සහ වගකීමයි. නමුත් ඒ සදහා මැතිවරණ කොමසාරිස්වරයාට මෙම ආණ්ඩුවෙන් සහයක් නොලැබෙන බව විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේය.
සොරගුණේ වනාන්තරය නසමින් මේ වනවිට රන්වන් ගුහාව ,දඩයම්පොළ හරහා මහා මර්ගයක් ඉදිකිරීමට ආරමිබ කර ඇත.  මෙම මාර්ගය ඉදිවෙමින් පවතින්නේ මීට වසර කිහිපයකට පෙර ජනතාවගේ උද්ඝෝෂණ මත යටගිය කාමර දෙදහසක හෝටල් සංකීර්ණය හා ගොල්ෆ් පිටිය ඉදිකරන බෙරගල ගොල්ෆ් රිසෝට් ව්‍යාපෘතිය ස`දහා බව ඉතා පැහැදිලිය.  මිනිස් වාසයක් නොමැති මෙම වනය මැද කිසිදු අවසරයකින් තොරව නීති විරෝධීලෙස ඉදිකරන මාර්ගය හා ගොල්ෆ් ව්‍යාපෘතිය වේළි ඔය හා සොරගුණේ ප‍්‍රදේශවල පරිසරය හා ජන ජීවිතයට අහිත කර ලෙස බලපානු ලබයි.

කිසිදු මැතිවරණ කි‍්‍රයාවලියකට බලහත්කාරයෙන් සම්බන්ධ වෙන්න එපා - උපාධිධාරී මධ්‍යස්ථානය සියලු රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලීමක් කරයි.

තමන්ට බාර දුන්නොත් අවුරුදු තුනෙන් රට හදා පෙන්වන බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂ නායක සරත් ෆොන්සේකා මහතා පවසයි.

 

ld add copy

ක්‍රීඩා

Connet With Us