ධිවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට රජයේ ඉහළ පෙලේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ.
යුද්ධය පැවැති සමයේදී වේළුපිල්ලේ ප්රභාකරන් මරා දැමීමට එක්සත් ජාතික පක්ෂය සැළසුම් කළ බව එම පක්ෂයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතාට අපහස වන අන්දමේ පුවතක්, ආණ්ඩුවේ නිල වෙබ්අඩවියක් වන 'ලංකාපුවත්' වෙබ් අඩවියේ පළකර තිබේ.
ප්‍රමිතියෙන් අඩු ගල් අඟුරු නොරොච්චෝලේ විදුලි බලාගාරයට ගෙන්වීම නිසා 2012 වසරේදී ලංකා විදුලි බල මණ්ඩලයට රුපියල් එකසිය පනස් කෝටි හැත්තෑ ලක්ෂ හතළිස් හතර දහසක (1507044116.25) අලාභයක් සිදුව ඇතැයි විදුලි බල හා බලශක්ති ඇමැති පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය ඊයේ (23 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.
අට්ටාලය ගලවා සිසුන් අත්අඩංගුවට ගැනීමට උසාවි නියෝග
හෝමාගම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් විසින් ගෙන යන සත්යග්රහ ව්‍යාපාරය පැවැත්වෙන අට්ටාලය අද (23) සවස 4.00ට පෙර ඉවත් කොට එහි සිටින භික්ෂූන් වහන්සේ අත්අඩංගුවට ගන්නා ලෙසට වන අධිකරණ නියෝගයක් නිකුත් කොට ඇත.